රස මවලා | Rasa Mawala by Kalpana Kavindi ft. Various Artists

රස මවලා මුමුනමු ආදරේ කතා
මේ පාට පාට හීන ලෝකේ පාවිලා
හස ගවසා මේ අපි දෑත ගාවලා
රෑනේ පාළු නෑනේ හීන යාමේ ලංවීලා
එක්වීලා සතුටේ ඉපිලීලා
උනුහුම සිත්වීලා රෑනේ රැස්වීලා

මේ ආල සිත්තම් පා
මේ අනන්ත පියාසලා
නටන්න ගයන්න වයන්න රගන්න
සොයන්න කවුරුත් නෑ
මේ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නෙ නෑ
අනන්ත සරන්න වසන්තේ
විඳින්න තැවෙන්න ආසත් නෑ

රස ලෝකේ ආශාවේ සද අහසේ දිලුනාවේ
සිත සතුටේ ගිලුනාවේ අශාව මේ වෑහේ
කටු කාලේ කිරි වෑමේ
මදහාසේ වර්ශාවේ හැමදාම වෙලුනාවෙ
සතුටේම ගිලුනාවේ
කෝලේ කිලි රෑනේ හීන දැනුනාවේ
කෝලේ කිලි රෑනේ හීන දැනුනාවේ

මේ ආල සිත්තම් පා
මේ අනන්ත පියාසලා
නටන්න ගයන්න වයන්න රගන්න
සොයන්න කවුරුත් නෑ
මේ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නෙ නෑ
අනන්ත සරන්න වසන්තේ
විඳින්න තැවෙන්න ආසත් නෑ

රස මවලා මුමුනමු ආදරේ කතා
මේ පාට පාට හීන ලෝකේ පාවිලා
හස ගවසා මේ අපි දෑත ගාවලා
රෑනේ පාළු නෑනේ හීන යාමේ ලංවීලා
එක්වීලා සතුටේ ඉපිලීලා
උනුහුම සිත්වීලා රෑනේ රැස්වීලා

මේ ආල සිත්තම් පා
මේ අනන්ත පියාසලා
නටන්න ගයන්න වයන්න රගන්න
සොයන්න කවුරුත් නෑ
මේ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නෙ නෑ
අනන්ත සරන්න වසන්තේ
විඳින්න තැවෙන්න ආසත් නෑ

නින්දේ ගැඹුරේ | Ninde Gambure by Mahesha Sandamali

නින්දේ ගැබුරේ ආශා මවා
දෑසේ නොදුරේ මා හා සරා
සිහිනේ රහසේ පාවී මැවීලා
කඳුලේ සුසුමේ සේයා මාවා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬනා
නිදිනේන හෝරාවන්
මා සුසුම් හෙලා රිදිලා
කදුලැල් කොපුල් දිගේ
රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා
ආදරේ ඉවසා

කොහේ කියලා මා යන්නද
මේ සිහිනේ දාලා
අත තියලා ඔය නලලට දිවුරන්න ඕනා
සංතාපය සංවේගය මා දෝත දරා
මං මාවත මල් යායම තාම මල් පිපිලා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬනා
නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා
කඳුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා

නින්දේ ගැබුරේ ආශා මවා
දෑසේ නොදුරේ මා හා සරා
සිහිනේ රහසේ පාවී මැවීලා
කඳුලේ සුසුමේ සේයා මාවා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬලා
නිදිනේන හෝරාවන්
මා සුසුම් හෙලා රිදිලා
කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා…

අද නම් මා හද | Ada Nam Ma Hada by Raween Kanishka & Kalpana

අද නම් මා හද
ඉවසුම් නෑ
සොයුරේ පෙම දැණුනා
හැගුමන් පායනවාදෝ
මංගල මුදු පළදා

එක ලේ පැහැයයි සිරැරේ පුරා
සොයුරේ නුඹ මගේ පණයි සදා

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

අයදිම් සමාව මා සැමදා
සිදුවී ඇතොත් වරදක්
ඔබගේ ලගින්ම මා
මතු රැදි නොබිදී උතුම් හැගුමන්

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු.
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සසරේ පුරාම මා පතනා
සොයුරේ ඔබයි සොදුරු
ඔබගේ දයාව ප්‍රේමය රැදි
මතකයි සෙනේ පිරුනූ

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා
සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

නෙතු යුග විහිදා | Nethu Yuga Vihida by Lavan Abhishek

නෙතු යුග විහිදා සැනසිලා එක්වීලා
පතිනිය වීලා හැඩවීලා
යුග දිවි අරඹා පුබුදාලා හිනැහිලා
අතිනත පතලා ලංවීලා

මනමාලිය හිනැහේ මුව සරසා
සද වැනි වත දිදුලා
හැම දෑසම හිනැහෙන දිනයක සැවොම
ප්‍රිය තෙපුලින් වෙලුනා

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

දෙහදක ආශා හමුවීලා ලංවීලා
සිතුවිලි සේයා මුසු වීලා
රන්හුය පටලා මුමුනාලා සැනසීලා
අඹරණ පලදා හිනැහීලා

මධු සමයට පිට වී හදවත් සසැලි
නව දිවියක් අරඹා
නව යුවලට සතුටින් සුබ පතමි
ආසිරි මල් අතුරා

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

ආදරයේ ජීවිතේ
සෑම දා විදලා
ජීවිතේ මේ සතුටින්
ආදරේ කරමු

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

සුපෙම් වී | Supem Wee by Upeka Nirmani from Deweni Inima Teledrama

සුපෙම් වී
සිටිනා
සද කතාව මා පතනා
හැගුම් වී
පෙමිනා
ඔබ නිසාම මා නිවෙනා

පෙම වෑහීලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා
පෙම වෑ…හිලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා

සීතේ රහසින් ලං වීලා
මා හා දෑසින් යා වීලා
ආශා දහසින් මත් වීලා
මාගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලංවී ඔබ ආවා

පෙම වෑහීලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා
පෙම වෑ…හිලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා

මගේ සිහිනේ ඉටුවීලා
ගේනා හැගුමන් උතුරාලා
පාවී ඇවිදින් සිත දීලා
මාගේ පැතුමන් සරසාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලංවී ඔබ ආවා…හා

පෙම වෑහීලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා
පෙම වෑ…හිලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා

සුපෙම් වී
සිටිනා
සද කතාව මා පතනා
හැගුම් වී
පෙමිනා
ඔබ නිසාම මා නිවෙනා