දැනෙනා තුරු මා | Danena Thuru Maa by Dinesh Gamage ft. Kanchana Anuradhi

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කදුලක රස විදිමින්

නුඹගේ පහසේ
රහසක් වූ මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිදුනේ

දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා

අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක්
මං සිතුවා

නිල් පාටින් හැඩ
මේ අහස
ආදරේ දුක වින්දා ද

මා ගාවින් උන්
ඒ හීන
පාවෙලා යනවා
දුර ඈත

නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

වෙන්වී යන බව
දැන දැනම
තාම හිත ඉල්ලන
ඔය දෑත

අහස ගුගුරා කිව්
ඒ පුවත
තේරුනා මටනම්
කල් ඇතිව

නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

ඔයයි මමයි | Oyai Mamai by Dinesh Gamage [2018]

වල ගැහුනු කම්මුල් වාගේ
හිත ගෙනියන්නයි ආවේ
හිරිමල් උදේ

හිනා වෙන මොහොතක් ගානේ
හිත සනසයි ඈ මාගේ
නොසිතු දිනේ

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි

රෝස මල් පාට රෝස මල් අරගෙනයි ආවේ මං
බල බලා අහක බල බලා ඉන්නේ ඇයි බොරු කැටයම්
ඔය දෙතොලට ලං වෙලා
ඔය තුරුලේ සිර වෙලා
දැන් ලන් වී ඉන්න ආසයි.. සැනසී..

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි

සීතලේ හරිම සීතලේ ආපි තෙමෙමුද වැස්සේ
ආදරෙන් ලිව්ව තනුවේ මිහිර විදිමුද සිත්සේ
ඔය දෙතොලට ලං වෙලා
ඔය තුරුලේ සිර වෙලා
දැන් ලන් වී ඉන්න ආසයි.. සැනසී..

වල ගැහුනු කම්මුල් වාගේ
හිත ගෙනියන්නයි ආවේ
හිරිමල් උදේ…..

හිනා වෙන මොහොතක් ගානේ
හිත සනසයි ඈ මාගේ
නොසිතු දිනේ…

හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි
හැන්දෑවේ ඔයයි මමයි ඔයයි මමයි ඔයයි මමයි

තමරසා | Thamarasa by Dinesh Gamage [2018]

සිහිනේ පායාවි රැ….අදුරේ තනිවෙන්නෙ නෑ..
සොදුරේ අත් වැල් බැදන්….
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා…..

තමරසා…..තාමරසා……
ආදරෙන් ඔබ හිනෙහුනා..
සීරුවෙන් දෑස වසා…..
තුරුලුවී ඔබ හිනෙහුනා…

සිහිනේ කියා දෙන්න ලන් වී හිදින්නම්ද මා…….
සන්සාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මා හා…
මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම්
ආදරෙන් හා…………..

කදුලේ ඔබ ඔනේ නෑ….තනි නෑ ලග ඉද්දි ඈ
සොදුරේ අත් වැල් බැදන්….
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා…..

තමරසා…..තාමරසා……
ආදරෙන් ඔබ හිනෙහුනා..
සීරුවෙන් දෑස වසා…..
තුරුලුවී ඔබ හිනෙහුනා…