මිණි මිණි පොද | Mini Mini Poda by Edward Jayakody

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි – ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි – ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනින්
රන් තරු මාල බැඳන් රන් වන් අහසින්
අද හොඳම දවස – අද හොඳම දවස
ඔබ එනවා නම්….

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි – ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස – අද හොඳම දවස
ඔබ එනවා නම්…

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි – ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

මේ මල් යායේ | Me Mal Yaye by Edward Jayakody

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා..
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා..



මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා..
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා..

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා