මං මැරුණු දවසට (Extended Version) | Man Marunu Dawasata (Extended Version) by Manasick & Minol Witharana ft. Hiyum & Bee [2020]

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට
කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී

කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි
ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

සිගරට් දුමක් නැති
මලගෙදරක් නැති
හුදෙක් මැරුවත් නිදි
මත් තිබිලත් නිදි

පවකට පල නැති
පිනකට පන නැති
කුණු පුරවලා ඇති
මලමිනියක් ඇති

කලුවර තැන් වල යාලුවෝ ඉන්න
මගේ මලුවෙදි මට සැලියුට් දෙන්න
හදපිරි කතා මම නෑයොත් එක්ක
කතා කරයි
ඉදා මම පින්තාප නම්
උඹෙන් ගානක් කඩහං මචං

බූරුපොලේ උන්ට නෙස්කැෆේ
නෑ කිව්වොත්
හිස් පැකට් නෑ
සිගරට් විස්සේ පැකට් නෑ කිව්වොත්
මිනීවල කපනකොට බෝතලයක් නෑ කිව්වොත්
වකුගඩුවක් ගනින් මචං අයින් කරලා නෑ කිව්වොත්

ඇයි මැරුවේ නැත්තේ ඉපදුන දාම
කියලා ඇහුවා අම්මගෙන්
මතකයි තාමත්
ඕනෙ උනේ කියලා යන්න
මගේ ජීවිත කතාව
වලලපන් මාවත්
මගේ අම්මා ගාව

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණම
කලු බැනියමක් අන්දලා ඩෙනිමට
ක්ෂණික වඩම්මපං සාදු කෝපි මැෂිමට
බූම දාන ඉරිදා බදාද ද ගැටිමක
චන්ද්‍ර පනාගොඩ ප්‍රදර්ශන ඩෙනිමක
මගේ මලකද බදාගෙන කරන කබඩි
අලියා බාර්ලි නැතත් බොලා
දැහැමි සිත වඩති
පොරකයි ගමේ මරනාදාර සමිති
අහයි බුරුත තේක්කද මිනීපෙට්ටි ප්‍රමිති

පහේ සිල් ගන්න යන්න වෙන කාලෙදී
මගේ පින මා මනින්නේ වැරදි තරාදියකින්
ජීවිතය බොරුවක් නම්
උඹ ඒකෙ නාස්තියකි
මරණ සංහතියක්
ගෙව්වා එක පාස්කුවකින්

ඇහැ පියවී මේ නිහඩ බවත්
වාදනයක්
කුසලයක් විටෙක දැඩි වීමත්
වාහනයක්
අපි ලිව් කියූ දේ
අළු බොට්නි පොතක
සායනයක්
එහෙව් පොතට දාන කවර
ටී රෙක්ස් ඒකත් ඝාතනයක්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට
වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ

මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

සාතිශය සංවේග
ශ්වේත වර්ණයට
කොඩො දැවෙයි
නිමවී තියෙනවා පෙට්ටියක්
සාමදානෙන් මොහොතක් බැලුවත්
සාමදානෙන් සැතපී සිටිනා රූපේ ස්මරණයක්
සාමකාමී බව බිදිමි
දැකුමෙන් මමම වැතිටී පෙට්ටියක
මට මෙය අරුමයක්
සාමකම්පිතව පෙලක් මුහුනු
සාමිචියක සතුටු කොනක සමහරක්

රූපකාය මිදුලේ සැරිසරමින්
චර්‍යාවන් දෙස මහත්
උවමනාවෙන් බලමින්
මත් ඌනතාවයෙන් පෙලෙන පිරිමි
දැඩි මුහුනුවරක් ගනිති
බූරුවන් ගසති
මූනිච්චං සිනහ පිරුනු ගැහැනු
මූලිකවී සෝදාහරිති උවුනොවුන්ගේ කුණු
කැසල සංකල්පවේදින්
සංකූලතාවෙන් වාද වල යෙදෙති
එලෙසින් සංයුක්තයි මුන්ගේ
අසික්කිත සිද්දි

මරණං නියතං
ජීවිතේ අනියතං
නං මෙතරම් අරුමෝසම්
ජේත්තු කුමට බං
මතුරං වස් කවි
කලක් දෙස් තිබූු උන්
කදුලු වගුරන් පස් කති
වලලද්දී වෙස් පෙරලා
ඇස් ඇර දමනය කරලා
අබ්‍යන්තර යක්ෂයා
අස්වද්ද දැනුමක්
ප්‍රන්‍යාවෙන් මස්තිශ්කයක්
සිත් සංතුශ්‍ටියෙන්
හුස්ම හෙලපං
ප්‍රවිශ්ඨ වෙනවා
සසර වංකගිරියට මං ආයෙත්

ගිනි ගිනි මලගෙදර
හඩා වැලපෙයි දෙදර
මේ මාව වටකර පිරි
නෑදෑ හිත මිතුර
හිද විදින වී සැලෙන
පර ලෝක ගීතිකා
ස්ලෝක පිරි යාතිකා
පූජක කථිකා

මං නැති පාඩු නිසා
වෙන්න අඩුපාඩු කියා
දුකෙන් නොව පාඩු තියා
ගෑනු අවනඩු ලියයි

නිසොල්මනේ මවයි පියයි
හදපු එකම දරුව කියයි
තිබුනු සතුටු පොදි බැදන් ගියයි
හෙලවෙන මනසම හොල්මනේ

ගැට්ටෙන් මුහුදර පැන්නත්
උබේ බෝතලෙ සුනංගුවේ
හිරකලේ මං මලේ
දවස් හතේ නිදි මලේ

දාන මාන පිරි වස් දොස්
අහඖ ගියපු තතු වස් දොස්
බාරහාර වෙලා ආත්ම සැනසීම
හතරගිරියාම අන් දොස්

මං මල දවසට
වඩම්මන්න අහසින් මල් වඩම්
එදා මම හවසට
කනත්තට පහලින් පන්දම් යං
යන්නම යන්නම් මේ දැන් නම්
හැම වෙස්සේම
මතකේ තියන් අවසානේ සතුටින් විසිර

වල ටකරං
ඉදගන්න යකඩ පුටු ඉරලා
ගනිල්ල මගේ බන පොතේ පිටු
කියන්නෑ මුකුත්
සරසපන් සුරතින්
ගම සභාවම අමතපං ගුවනින්
ගමසකු වුනු මගේ මිනියේ ඉදන්
වරුවේ හවස
අහංඉදී මොකක් කිව්වත්
ඒක මගේ දවස
මැරුණු දවස
නිවාගනින් පවස
උඹත් යන්නයි යන්නේ
ආයේ ඒමක් නෑ නැවත

මම කරවන්නම් පිලිවෙලින්
කවුරුත් නෑ මට වහන් කරන්න
උන් පිලිවෙලින්
මෙම ගමනක් මාරක නිලවලින්
කෙලවර උනත් දැන් වහලා තියෙන්නෙ
දැන් තිර වලින්
බැදි වලින් යට කරාවි
පිලුනු වෙන්න මල සිරුර
මගේ පිලිස දිරනු
වෙනසක් නෑ ඉන්නකන්ම
කුණු වලින් පිරුනු
නරා වලක ගෙවුනේ
කර වටක්ම ගිලුනු