සිත්තරා | Siththara by Falon Andrea from Podu Teledrama [2022]

කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ

කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ

වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා

නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා
නුබෙ බැල්මෙන් මා දැවේ සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා

නොසන්සුන් දෑස බලන්
ඉන්නද හොරෙන් මමත්
උකුසු අත් යට සීරුවෙන්
නොවී කතා නොවේ සිනා
පාලු හිතෙනා දිගන්තයේ
රෝස යහනේ විමානයේ
කෞමදියක දසන්තයේ
තුරුල් වෙලා දැහැන් සරා

වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා

නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා

written by Kusala Vidanapathirana

පෙමක් | Pemak by Falan Andrea ft. Rivindu [2022]

සිතක් තනිවුන යාමෙක හමු වූ හිතවත
මතක් වෙනවා නම් කම් නැත නුඹේ ඒ පෙම
මමත් මැකුවානම් දුර වූ මගේ පෙම
හෙටත් තිබුනෝතින් ඉන්නට එනවද

ඇස් මත ලියවුනේ ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

මටත් රහසක් වේදෝ ඇත්තට මගෙ හිත
තවත් දවසක් ඒදෝ මේ ලෙස ගෙවන්න
හිතත් හැඬුවා නම් හිමි නැති පෙමකට
නුඹත් මැකිලා යාදෝ හිත මත බොඳ වුන

ඇස් මත ලියවුනේ ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

ඇස් මත ලියවුනේ ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්
පෙමක් වින්දදෝ මං පෙමක්

ආදරෙයිද මන්දා | Adareida Manda by Falan ft. Nuwandika Senarathne

ආදරෙයි ද මන්දා
දැනෙනවද ඔබට මාව ඉතින්

ජීවිතේ ඔබ තරම්
කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම්
රත්තරනේ ඔබද මේ
වසන්තේ මට දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

ඔබ වෙනුවෙන් ආදරයේ
කවුලු හැරන්
මා සිටිනා අයුරු දැනත්
ඔබ නිහඩ ඇයි
රත්තරනේ ඔබ දනී
වසන්තේ මට දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

කටුවට ඇද පැනසලක් අරගෙන
හදවත ඉල්ලුවෙම පින්සලක්
ආදරේ මගේ පන්සලක්
බෑනේ බෙදා හදාගෙන කන්න වගේ පන්සලක්
නොලැබෙයිද ලැබෙයිද අතරමග
සිතුවිලි අවුලන්නේ ගින්දර
කන්තක වගේ හදවත පැලෙයි
ආදරේ බෙදාගන්න බෑනේ වගේ වෙස්සන්තර
වෙරලු ගෙඩිය හතකට බෙදුවට කොහොමද
බෙදන්නේ හදවත
හීන දෙක තුනකට ඉකි බින්දට
වෙහෙස කරයි දැන් හති මට
බෑ හමුවෙන්න බෑ
යලි ලංවෙන්න බෑ
ඔහු ඇය ලග ඉන්නකොට
නෑ පිලිගන්නේ නෑ මගේ හිත
ඔහු මගේ නොවේ ඇය ඔහුගෙම වෙනකොට

නොලැබෙන බැව් දැන දැන මං
ඔබව පතන්නම්
ලං වෙද්දී ආත්මයෙන්
ඔබ නිහඩ ඇයි
රත්තරනේ ඔබද මේ
වසන්තේ මට දුරයි

ආදරෙයි ද මන්දා
දැනෙනවද ඔබට මාව ඉතින්

ජීවිතේ ඔබ තරම්
කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම්
රත්තරනේ ඔබද මේ
වසන්තේ මට දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

සිහිනය | Sihinaya by Raween Kanishka ft. Falan Andrea

මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්

මටත් තියෙනවා ප්‍රේමයක්
ලොවෙන් සගවා සිතින් විදිනා
දරාගනු බැරි ප්‍රේමයක්

අසරණව සිත ඉකිගසා
රෑ කල නිදා නොනිදා
පහන් වන විට
හොරින් අවුදින් සිහිනයක් වාගේ
නිවාලන සිත අරුමයක් සේ
සියුම් සියුමැලි ප්‍රේමයක්
මටත් තියෙනවා ප්‍රේමයක් …

ඉරිතලා දෙදරා පැලී ගිය
හද නිවා සනසා…සුව කරන්නට
මහා වැස්සක් වගේ කතරට…
වැටී වියරුව ගලන දස අත
ගැඹුරු හර බර ප්‍රේමයක්

මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්