පූජනීයයි ආදරේ | Poojaneeyai Adare by Roshan Fernando

රතු රෝස මල් යායක් පිපිලා
අද දිනය උදා වීලා
ආදර සිත් සතුටින් පිරිලා
සෙනහස පවසනවා

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
පුරහඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනහස ඔබට පුදන්නම්
පුරහඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනහස ඔබට පුදන්නම්


පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
ලොවට රහසේ ලංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
ලොවට රහසේ ලංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

මී අඹ වනයේ | Mee Amba Wanaye by C. T. Fernando

මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ
සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යලි නොපෙනී යනවා
බද වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබෙ අත තබලා
ළගදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ

 

ආනෙ ඩිංගක් ඉන්නකෝ | Ane Dingak Innako by C. T. Fernando

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
තාම මතකයි රීයෙ වගෙමයි
දෙතොල් අව්වේ සැලි සැලී

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී ඔබ දොලේ
කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී…

 

කිමද සුමිහිරියේ | Kimada Sumihiriye by C. T. Fernando

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

සෙවනැල්ල වගේ වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ….
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නේ පැන විගසේ….
හැම උදේම තනියම මෙසේ….
හැම උදේම තනියම මෙසේ….
පිය ළඳේ ඔබව හමුවේ….
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ සිතට සුවදේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කෙහෙරැල්ල වැටි නලලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ….
වනමල් පිපිලා බරවී නැවීලා
ලං වෙන්න එයි මැණිකේ….
දුටු වහාම හදවත ඔබේ….
දුටු වහාම හදවත ඔබේ….
දුක නැසී සතුට ඇතිවේ….
ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද
කියන්න සුරතලියේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

 

සිහින ලොවේ මිහිර මැවූ | Sihina Lowe Mihira Mawu by C. T. Fernando

සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ