පායා පායා | Paya Paya by Gayan Gunawardana [2021]

පායා පායා සඳකැන් දහරා
ආශා ආශා බිඳිමින් සීමා
ශෝභා වෑහෙනා රූපේ මා කරා
ලා පාට නුරා හැඟුම් විහිදා
ඝෝෂා ගායනා සදා මා බදා ඒ
ලෝකයම කලා කෙතක් කෙරුවා

කණාමැදිරියන් නිදහසේ පියාසලන සීත මොහොතේ
ගාවා තොල් මතින් නුඹගේ සායම් කරන්න හිත මාගේ
හඹා මිරිඟුවක් මත්තේ විඩාබර පැතුම් මනසේ
නිවී ආයේ ඕන වන්නේ මේ වන්දනාවේ අවසානේ
ඔබෙන් තොර ලොවක් මා මෙතෙන් නෑ මවාලා
සත්තමයි සංසාර සංචාරේ
ඔබෙන් තොර ලොවක් මා මෙතෙක් නෑ මවාලා
ඇත්තමයි සංසාර සංචාරේ

මහා සාගරේ සිතිජේ වගේ ආදරේ ඔබගේ
දමා යන්නෙපා අපතේ මයම් කලාවේ පිට පාරේ
වලාකුල් වියන් තුරුලේ වෙලී දිව්රලා කියන්නේ
ඔබේ දේව රූපෙ මැව්වේ මටමයි කියා ඉතිහාසේ
පියාපත් විදාලා ඉගිල්ලෙන්න ඕනා
ඔබ එක්ක මට ඈත ආකාසේ
පියාපත් විදාලා ඉගිල්ලෙන්න ඕනා
ඔබ එක්ක මට ඈත ආකාසේ…
ඔබ එක්ක මට ඈත ආකාසේ

ඔබ වෙනුවෙන් | Oba Wenuwen by Gayan Gunawardana [2020]

මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි
මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි

ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙ
ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙ
හද සැනසුම ඇත්තෙ ඔබ ළගමයි

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්

උරහිසට මගේ ඇලවී ඉන්න
දිවුරා මගෙ බව මට පවසන්න
සසරේ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න

මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්

තනිකම මකනා කවියක් වෙන්න
මගෙ හිත නිවනා බිරිදක් වෙන්න
සසරෙ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න

මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්