නිහඬ වූ ස්නේහයේ | Nihanda Wu Snehaye by Hector Dias [2021]

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

ආලය ගීතයකින් මතුරා
මා ළය සිදුරු කළා නොමරා
මහද සරා සිත දෙදරා
ඔබ පමණයි දිවිතුරා

සියොළඟ දැවටී මුතු අතුරා
කඳුළු පබළු කැට ඇත පුපුරා
සිහින සොරා දිරි උදුරා
ඔබ පමණයි දිවිතුරා

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නිහඬ වූ ස්නේහයේ
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නුඹ නොසිතු ලෙසින් | Numba Nosithu Lessin by Hector Dias [2021]

නුඹ නොසිතු ලෙසින්
හිද යන්න ගිහින්
සිත සිතන ලෙසින්

විදවන්නද දැන්
දැනෙන සිහිනයද
හරි සීතලයි තාම
ඔබ නැති මා ගාව
හිද ලග පාතින්ම

සදසීතලේ ගීත
ගැයුවාද මන්දා
අපි ආපු මග දිගට
සෙවනැලිම ඇන්දා

සදසීතලේ ගීත
ගැයුවාද මන්දා
අපි ආපු මග දිගට
සෙවනැලිම ඇන්දා

නොදොඩා කිසිත් අපිට
සද ඉදපු හින්දා
සද හිරුට හැන්ගේවී
රැය ගෙවුනු හින්දා

නොහඩන්න සිතුවාට
කදුලක් ඇවිල්ලා
මොනවා කියන්නේද
දෑසින් ගිහිල්ලා

නොහඩන්න සිතුවාට
කදුලක් ඇවිල්ලා
මොනවා කියන්නේද
දෑසින් ගිහිල්ලා

සද අදුරේ ගුලිවෙච්ච
මුදු සුවද ඉල්ලා
ගැලුවාද ගංගාව
ගග මුහුද ගිල්ලා

නුඹ නොසිතු ලෙසින්
හිද යන්න ගිහින්
සිත සිතන ලෙසින්

විදවන්නද දැන්
දැනෙන සිහිනයද
හරි සීතලයි තාම
ඔබ නැති මා ගාව
හිද ලග පාතින්ම