හෙට අලුත් අලුයමක් | Heta Aluth Aluyamak by Kasun Kalhara | The Romantic Opera [2009]

හෙට අලුත් අලුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්
පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලන් ඉන්න බවට
දුන් නිසා පොරොන්දුවක්

ඉරත් හැංගිලා
බලා හිදී වළාකදු යටින්
ලා හිරු කදම්බයක් හෙලා
අප හමුවීම කරන්න
ආලෝකමත්
අප හමුවීම කරන්න
ආලෝකමත්

සුළග ගල් ගැහී
හමා නොඒ
ඈත කදු වෙතින්
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න අසිරිමත්
අප හමුවීම කරන්න අසිරිමත්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here