ICE by Yuki ft. Dilo [2020]

එක දවසක් ඇති
ආයෙ ගිහින් ගන්නම බැරි
ඔයා හිතුව හරී
ඔයත් එන්න වාඩිවෙන්න මාත් එක්කම ලගින්

මම ලෝකෙ දැක්ක ලස්සන වෙනස්
හෙව්වත් හම්මුනේ නෑ මම හොයන
හුගක් දේවල්
අනේ මන්දා මමද වෙනස්
ඉන්නෙ හදේ
මම ගනින්නෑ දවස්
ආදරේට මලානික වෙන්නෙ
කවුද කෝ
සීතලට ගුලි වෙලා නිදා ගන්නකෝ
කාලෙත් එක්ක හිත හැදෙයි
තනිකමකුත් දැනෙයි ඒත්
මේ මං ඉන්නේ බලන්නකො
පොඩි දෙයක් කියන්නම්
ඔයාල මේක හිතනවා නම්
ලෝකේ පාලනය කරන්නෙ
කීපදෙනෙක්මයි
අපි කොච්චර කෑ ගහලා කිව්වත් නෑ
අපි තාමත් යන්නේ ඒ order එකේමයි

Heroine Ice
කොල්ලෝ ගහන්න එපා
ඕවා හොද නැති drugs
ඒත් weed nice
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

Heroine Ice
කොල්ලෝ ගහන්න එපා
ඕවා හොද නැති drugs
ඒත් weed nice
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

තප්පර ගනන් අච්චර දවස් පිටින්
ගෙවුනත් ඒ
මෙච්චර බලන්
අක්කර ගානක්
ප්‍රශ්න හිතේ දැන් මේ
විස පස්සේ ලංවේ
සෙප්පඩ බොක්කන් ලංකර
කැත්තට පොල්ලට
එක්කර පස්සට ඇද්දද
ඇත්තට මෙගේ ජීවිතේ
ඇත්තට මෙගේ ජීවිතේ

දුක වින්දේ මන්
ඇති තරම්
ඇති තරම්
ඇත්තට මගේ ජීවිතේ
පස්සට ගිය වාර
ඇති තරම්
ඇති තරම්
දෙන්නම් මන් වදන කනට
ඇරන් ඉන්න කන කදිමයි
දෙනමක් දැක්කා සිවුරු ඇදන්
කරන වැඩ දැන් අදිමයි
ගැසුවා අඩියක් මස් හපා
බුදුගෙට ලගයි අඩියයි
ගලවා සිවුරු විසිකරන්
මහණ වෙලා තාම සතියයි

ග්‍රහයෝ කොහෙද ඒ
දැක්කද ග්‍රහයෝ ඒ
ගසන්නෙ කෙප්ප ලොකු කරන්
අම්මල තවමත් ඒ
කෙසේද අනාගතේ
බලන්නේ සාස්තරෙන්
අගදි රැවටුනත්
පස්සෙත් යන්නෙම ග්‍රහයගේන්
නිතිපතා මුළු කතන්දරේ මැද
Ice කුඩු පස්සේ යන මිතුරන්
වඩාගෙන දැන් පොලිසියෙන්
දිවට දිව තියන් හිටපු
කවුරුත් නෑ ලගම හිටපු
මනසත් මගෙන් අහනවා
කෝ මගේ යාලුවෝ

කොල්ලෝ ගහන්න එපා
ඕවා හොද නැති drugs
ඒත් weed nice
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

Heroine Ice
කොල්ලෝ ගහන්න එපා
ඕවා හොද නැති drugs
ඒත් weed nice
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here