එනවාදෝ | Enawaado by Samanalee Fonseka & Indrachapa

අරගලයේ රාවේ
ආකාශේ පාවේ
ඇසුණාදෝ ඇසුණාදෝ
ඇසුණාදෝ ?

ජනබලයේ ජීවේ
හදමඬලේ යාවේ
දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ ?

සතර දෙසින් ආවේ
සටනට හද පෑවේ
දුටුවාදෝ දුටුවාදෝ
දුටුවාදෝ ?

සත්‍යය දිනුවාවේ
කවුරුද තව නාවේ
එනවාදෝ එනවාදෝ
එනවාදෝ…?!

samanalee fonseka,samanali fonseka songs,samanali fonseka,samanalee,parana songs,sinhala songs,fonseka,sinhla songs,samanali,classic sinhala songs,top sinhala songs,old sinhala songs,nanda malani songs,beautiful sinhala songs,lassana sinhala sindu,parana sindu,classic songs,parana geetha,hitha niwena sindu,sinhala classic nonstop,nonstop,sinhala,sitha niwana geetha,oldsongs,sri lanka,classic songs collection,songs,lanka,old songs collection

indrachapa liyanage,indrachapa liyanage live,indrachapa,liyanage,sinhala song,new sinhala song,sinhala song mp3,old sinhala song,best sinhala song,sinhala song covers,deshapriya,dharmawardhana,sinhala music videos,music band sri lanka,dharmadasa,acoustic sinhala music video,lankan,channa,walakulak wee live,professor band sri lanka,sinhala music,haunting,chinthana,abenayake,papillons,rupavahini,butterflies,song,kumarasinghe,ulkapathayak,lanka,ashes,udaya

සිංහයෝ | Sinhayo by Indrachapa Liyanage

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා
රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා
රන් රුවන් බැඳී අසිපතක් ගෙන මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා

සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ

නිලඹර පුරා ඇඳි රූ රටා මැව් ජය ගී අද නුඹේ
වංකගිරියෙන් හමන සුළඟේ රැඳුනු ගී අද නුඹේ
අසනී වැසි හඬගා හඬද්දී පෑයූ රන් හිරු සේ
නුඹේ නමින් මේ යදින්නේ ජය පත දේශයේ

දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා
ඔද වැඩුවද සන්තොසින් සෙනවියන් නුඹ රකින
සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ දිනවමි අපේ ලංකා…

ලිහිණි හෙළ | Lihini Hela by Indrachapa Liyanage [2019]

ලිහිණි හෙළ

මේ මේකුළු ගොමුවේ
මා ඈමය හෙව්වේ
ඈ එලුපුල් මල සේ හිනැහී
රෑ ගණදුර නිව්වේ

ලිහිණියේ දෑසේ කිමිදුණා
නින්නාදයේ රහසින් හිනැහුණා
මිහිදුමේ සුසුමේ වෙලුණා

මේ හෙළේ පතුළත
සැතපුණු දා හදවත
දැනුණා ජීවිතේ දැනුණා

ලිහිණියේ දෑසේ සැඟවුණා
සන්තානයේ සිහිනෙන් ඇහැරුණා
මිහිදුමේ පා වෙවී රැඳුණා

කුරුල්ලන්ගෙ තටු සින්දොත් | Kurullange Thatu Sindoth by Indrachapa Liyanage ft. Nadeeka Jayawardena [2016]

කුරුල්ලන්ගෙ තටු සින්දොත්
අහස තලේ දුර මනින්න
වළාකුලක හැඩ බලන්න
සුළං රොදක සුව විදින්න
ඉතින් තවත් හැකිද උන්ට

මී මැසි තුඩු සිද දැම්මොත්
මොවුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙම් අතරේ මුදු පහස
ලබා මලක සුවද පතුරාලන්න
ඉතින් තවත් හැකිද උන්ට

වරල් බිදුණු මාළුවෙකුට
සයුර පතුලේ කිමිදී යන්න
රළ පහර මතින්සැඩ බිද දමමින්
ගල්පර තුල සිරි දකින්න
ඉතින් තවත් හැකිද උන්ට

යෞවනයට වැට බැන්දොත්
ලපලු හැගුම් දළු දමන්න
සුවද සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැනේ නේද

නතාෂා | Natasha by Kasun Kalhara & Indrachapa liyanage

නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

ආයෙත් ආයෙත් ආයෙත් එනවා
අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා
නිල් නිල් නිල් දැහැනේ එලෙනවා
සිත්සේ දොතොලේ පහසේ ඔබ මා
සිඹිනවා සිහිනෙන් තැවෙනවා

පමා වී ඈතට ඇදී
මීදුමේ රැහැනින් මිදී

හදවතේ ගිණි අවුලා
මා දෑසේ ගිණි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා

ළංවි වෙන්වි දුක් වී දුර ගෙවා
සයුරෙ රළසේ සිහිනේ මියැදුණා
සඳුගෙ තුරුලෙ විනිසේ ලිහුණා
උකුලේ ළමැදේ සයනේ ඔබ මා
සැනසුනා සිහිනේ මැවෙනවා

නතාෂා හුස්මක් තියා
නිදැල්ලේ සක්මන් කලා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

ඉරුණු අත් තටු | Irunu aththatu by Indrachapa Liyanage ft. Raj

අහස හිරු ගිනි දැවෙනා
සඳ ගිලී වත නොබලා
බිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ

කෑ ගසා හඬා.
රස රිසි ලෙසේ… රිසි ලෙසේ
බිඟු රද නැති ලොවේ නැති ලොවේ
පිදු මල රහසිනේ රහසිනේ
පෙති හකුලා ගියේ. ඇයි ගියේ

රුහිරු මා උර ගලනා
හද පෙඟී ඉකි බිඳිනා
ඉරුණු අත් තටු පැටලී- මල් නටුවේ
වේදනා ගෙනේ…

බොල් පිනි පිසු නුඹේ නෙතගේ
අතැඟිලි තුඩු පවා වැලපෙතේ
සුපිපුන මල් දහස් අතරේ
නෙළු කුසුමිය ගියේ… හැර ගියේ