ආල අඩව්ව | Aala Adawwa by Isuru Withanage [2022]

යක්බෙර නාදෙට තාන සොයා රඟනා
තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
ආල අඩව්වට විලක්කු හිත දැවුනා

මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සාර සදිසි නුබේ රාග නොවන සිත
මේඝ ගර්ජනා හීන නොවන කල
සීල බිඳින හද ප්‍රේම සොයන දින

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
සංසාරේ නොයෙනා මතක නුබේ
ගම්බාරේ සරනා එකම තැනේ

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

නාඬා ඉන්න | Naadaa Inna by Isuru Withanage [2020]

නාඩා ඉන්න මැණික මගේ
හිත රිදුනද ඔබේ
කිවු වදන් වලට මගේ

ආදරේට සැර වුනේ
හිත රිදවන්න නම් නොවේ
නාඩා ඉන්න මැණික මගේ

රූරා වැටෙනා
කදුලක් පාසා
වේදනාව හදේ රැදෙනා

ඉකිබිදිනා එක
හැඩ්මක් පාසා
හද මගෙ නතර වෙනා

ආදරේට සැර වුනේ
හිත රිදවන්න නම් නොවේ
නාඩා ඉන්න මැණික මගේ

නාඩා ඉන්න

ආදර අම්මා | Aadara Amma by Isuru Withanage [2020]

සිලිලාරෙක
රළ පරයන තරමට
ආදරෙයි

අඹරෝරෙටත් වැඩිය සෙනෙහෙන්
ඇය සාරයි
රන්සර සිත් ඇති ඇය
හරි පිංකාරයි
සෙත් කවිය නුඹයි
මං හරි ආදරෙයි

මතු සසරේ දිවි මග මට හමුවේවා
අකුරු තුනක රැදි සෙනෙහේ
ආදර අම්මා
ආදර අම්මා

අසණි වැසි වැටුනු දිනයකි
එය මහා නිශාමයේ
පිය සෙනෙහෙ පහනයි නිවුනේ
මගේ ජීවිතේ
ඇය ඇදුවා
තුරුලට ගෙන මා ගෙපැලේ
හිරු සදු ඇයයි මගේ දිවියේ
හිරු සදු ඇයයි මගේ දිවියේ

අකුරු කරන්නට මගේ සු‍රතින් නුඹ අල්ලා
ගණපති පිලිමය නමදවමින්
සෙත් පැතුවා
කිරුලක් පලදින දිනයේ
ඇය ඉකිබිදා
මා රජිදෙක් වුයේ
නුඹේ දිරියෙන් අම්මා
ආදර අම්මා

මතු සසරේ දිවි මග මට හමුවේවා
අකුරු තුනක රැදි සෙනෙහේ
ආදර අම්මා
ආදර අම්මා

හුරුපුරුදු හීනේ | Hurupurudu Heene by Isuru Withanage [2017]

දගකාර ඔය දෑස
සගවා හොරෙන්
හුරුපුරුදු හීනේ මගේ…
පිණි වැටුනු රතු රෝස
අහුරක් අරන්
සිපගත්තා වාගේ දැනේ…

තුන් යම පුරා
තුරුලට වෙලා
හැගුමන් ගලා
දෝරේ ගියා…
නොනිදාම මුළු රෑම
සිහිනේ පවා…
කවදාද මගේ වෙන්නෙ
හිත අහනවා…

නෑ තවත් දන්නේ
ආදරේ තරම්
නොදැනී ඔයා මාගේ
හුස්මම වෙලා…

අතිනත අරන්
සසරේ පුරා…
පෙරුමන් පුරා…
ඉමු දිවි තුරා…
පිණි සීත
දැවටිච්ච යහනේ සදා…
ඔබ එක්ක තනි වෙන්නේ
කවදාද මා…

හරි ආදරෙන් නුඹව
රැක ගනිමි මං…
ඔවසුම් නොවේ හිත දැන්
ඔබ එන තුරා…

දගකාර ඔය දෑස
සගවා හොරෙන්
හුරුපුරුදු හීනේ මගේ…
පිණි වැටුනු රතු රෝස
අහුරක් අරන්
සිපගත්තා වාගේ දැනේ…