තනිකම | Thanikama by Izzy Iznu x Chey9 x Smokio

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම
තනියම විදිනවා තනිකම

ඇයි කෙල්ලේ ආදරෙයි කිව්වේ ඇස් දිහා බලන්
ඈත් වෙන්න නම් ඇයි හීන මැව්වේ මාලිගා හදන්
මුලදිම ලන් වෙන්න එපා මතකද කිව්වා මන්
ඒත් ඔයා කිව්වේ මාවමයි ඕන දිව්රන්නම්
සුන්දර දෙයක් තිබ්බද අපි දෙන්නාගේ ආදරේ තරම්
සීමාවන් කඩන් උඩට එනවා වගේ සාගරේ ගලන්
ඉන්න නොදි මගේ ලෝකේට වෙලා තනියම ඉද්දි මන්
Babe ඇයි මන් ගාවට ආවේ බලාපොරොත්තු අරන්

මන් අහන්නද ප්‍රශ්නයක්
කෝ ඒ දැනෙන හැගීම
වචනෙකට සීමා උනාද අපේ බැදීම
ලේසි නෑ බොද වු සිතුවම මකා ඇදීම
ඉවර උනා කතාව පටන් ගත්ත තැනීන්ම

බාදුර මලට ලන් උනා මමත්
ඔයා ගාව මෙලෙක් උනත් මගේ හිතත් ගලක්
වෙච්ච දේවල් ගැන පසුතැවෙන්නේ නෑ මන් තවත්
ඔයා වෙලා මගේ අතීතයේ තවත් එක නමක් Babe

මුලු රෑම කලුවරයි හද නැති රැයක්
කල්පනා ලොවක දැන් ගෙවිලම පැයක්
මම දන්නවා වැරදුනා කොහෙ හරි තැනක්
අපි දෙන්නම හිතන්නේ එකම එක දෙයක්
අපි හමුවෙමු රෑක අන්තිම පාරට
තනියම එන්න ගං ඉවුර ගාවට
නුපුරුදු අදුරක් වෙලාගෙන මා වට
ගැලවෙන්න කෝමද කියලා දෙන්න මා හට
රතුපාටට ඉර බැහැන් යද්දි
වැවම තනි වුනා හද මෝදු වෙද්දි
සීයට සීයක් අදහස් ගැලපෙද්දි
ඈත් උනා උත්තර නැති ප්‍රශ්න එද්දි
තාමත් ඉන්නවා පාර ගාව දන්නෑ වෙන් වුනු කාරනව
මතක් උනත් ඇති ඔය හිනාව
දෙන්න නම් බෑ කෙල්ලේ ආයෙත් සමාව
දෙන්නම් බෑ මම දෙන්නෙ නම් නෑ
කැඩිලා ගිය හිත හදවන්න නම් බෑ
කොච්චර කිව්වත් කොච්චර ඇඩුවත්
ඉස්සර වගේ අපිට ඉන්න නම් බෑ
වෙච්ච දේවල් හරිගස්සන්න බෑ
මට සමහර දේවල් මතකත් නැ
අපිට ඉස්සර වගේ ආයේ ඉන්නත් බෑ
මට පරන මනුස්සයා වෙන්නත් බෑ
මට නැති උනේ ඈ නෙවෙයි නැති උනේ මාව
ඇගේ මුලු සතුටම තිබ්බේ මගේ ගාව
ඈ නිහඩව අඩද්දි මගේ හිත පාරයි
දෙන්නා වෙනස් උන විදිහත් මාරයි
වැඩක් නෑ දැන් ඕවා හාරලා
ඈ යන්න ගිය හිත පාරලා
මම එලියෙන් සතුටෙන් හිනාවෙනවා
ඒත් ඇතුලෙන් මාව මරලා

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම
තනියම විදිනවා තනිකම

smokio little,smokio lyrics,serandip izzy,smokio rap lyrics videos,smokio,kevin smokio,little smokio,youngizzy,kaizer kaiz new,liya liya smokio,thanikama smokio,chey 9,suwahas and smokio,illnoize,izzy 44 kalliya,izzy iznu,kaizer rap,kaizer kaiz songs,izzy iznu new album,ill noize tv,music,izzy iznu song lyrics,44 kalliya new,44 music,44 kalliya,sri lankan rap music,sinhala song reaction,sri lankan music 2020,sri lankan music album

තොල් සායම් | Thol Sayam by Izzy Iznu ft. Kaizer Kaiz & DKM [2017]

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

දෙදෙනා අඳුරේ අද රෑ මගේ කිරුළේ හිමිකාරි
හෙට නෑ නුඹේ නෙතුවල දුටු කාමේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹේ ගත පිනවූ මගේ ලෝකේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹ සිරකාරියේ

තොල් සායම් ඳීය වී අඳුරේ මත් වී
සැඟවූ මල් පෙති නිදි නැති රැයේ ඔබටයි පැවසුවේ

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

වටලන්න මගේ තොල් නුඹේ හාදූ සේනාවෙන්
දවටන්න ඇඳ ඇතිරිලි නුඹේ සුවඳෙන්
කිමිදෙන්න ආසයි නුඹේ කෙස් රැළි අතරින්
පරදන්න හඳ කව්ද ලස්සනම තරඟෙන්
ආදරේ මැන්න ඇය දිව කරන් අඩි රූල
මැණික් කෝටිය තිබ්බත් තෝරගන්නේ නුඹේ මූණ
නුඹ ඇල්ලුවත් මැවෙනවා සුරලෝකේ රූප

ඒකයි රටම හැදුවේ අපි ගැන ඕප දූප
කලකට පෙර ඔයා මට තිත්ත මිදි
ඒත් උත්සහවන්තයා ජය ගනි
මගේ ලඟින් ඔයා නිදි හිත කොතනද මම හිටියේ ඒ ගාව
සතුට මොකක්ද ඇහුවොත් පෙන්නනම් ඔයාව

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ