කැටයම් | Katayam by Hana Shafa X Kaizer Kaiz [2023]

හිත ලග මායම් පාලා.. ( Hey )
ළංවී කැටයම් දාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ

අපේ තණබිස්සේ වටේ හිත හිස්වේ දෙන්නටම විස්සේ
පපුව තව ගැස්සේ යමුද ගල්කිස්සේ තෙමෙමු අපි වැස්සේ
ඔයා මගෙ පස්සේ දැන් නම් මම පිස්සෙක් ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

නම ඇම්බැක්කද?
ඇහුවම එවන්න එපා ඔය හෑන්බෑග් එක
මගේ බැටරිය හොදටම ලෝව් නිසා මගේ චුට්ටෝ
වෙන්න බැරිද පව්‍රර් බෑන්ක් එක..

ඒ පැටලිලා හොදටම කේබලේ
ලිහා ගන්න බැරුවයි ඉන්නේ කළුවරේ
මගේ අවුල් තමයි පොඩ්ඩක් ඉතින් ඉතින්
මගේ වෙහිකලේ තමයි පුංචි ෆුට්සයිකලේ

පෝස්ට් මැලෝන් ඇහුවට කන්නේ පොලොස් මැල්ලුම්
කොස් තමයි පොශ් ගොං තැන හොදටම මොංගල්
කෙල්ලේ කවදාවත් කරලා නෑ කොන්
සිංහයා සිංහයමයි හැලුනත් ලොං..
Kaize…

මන් දාන කැටයම් දාන කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
මන් දාන කැටයම් තේරුනාදෝ.. ( ආ.. )
පෙම් පාට කැටයම් පාට කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
පෙම් පාට කැටයම් තේරුනාදෝ.. ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ .. ( ආ.. )

written by Manuranga Wijesekara

රුං ගානා | Run Gana by Kochchi, Jizzy & Kaizer Kaiz [2022]

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

ඔය දෑසේ මා පැටලිලා
නිදි නෑ රෑ හීන ඉහිරිලා
හිත අස්සේ මා හිර වෙලා
ඔබේ සුසුම් ඉල්ලලා

ඉඟ නෙරියේ මත්වීලා
මධුවිත ගා රත්වීලා
හිත බැඳුනූ රූ නාරී
බැදේවී තුරුල්වෙලා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

හඳපානෙ මං යන්නේ මොකටැයි
හඳ ගාව මට සුර සැප නන් එමටයි
බොරුව චාටුව නම් මට අකැපයි
මට දෙන්නෙ කෝමද මම දෙන්නෙත් එහෙමයි

මට නම් පුරුදුයි කොච්චි සැර
පැණි රා හෙව්වෙ නෑ මං කොච්චි හැර
ලං වෙලා අනිත් උන් තොල් ලොංචි කර
වල් පැල හෙව්වෙ නෑ මල් පෝච්චි වල

ගහම මගෙ නම් මොටදැයි අත්තක්
මුලම දුන්නෙ නුබ මට හාද්දක්
ලඟට වරෙන් කියන්න බඩ්ඩක්
මම ආදරෙයි නුඹ ඉතිං පිලි නොගත්තත්

කෙල්ලො ඇති ඉතිං නානාප්‍රකාර
උඹ ලඟදි උන් ටික වෙයි විකාර
ඉඹපන් මාව ඕන නෑ විරාම
රුංගානා තාලෙ දීපන් රෑ පුරාම

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

written by Kalani Nadeesha & Kaizer Kaiz

හිස් හිත | His Hitha by Krishni ft. Kaizer Kaiz [2022]

නිහඩව අසා සිටිනවා
හිත කියයි රස කතා
නුඹ ගැන තවම සිතනවා
පසුබසී දුක පවා

මතකය ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා
ආගිය පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

වරදට සමාව ඉල්ලා
හද මගේ වැලපුනා
අවනත නැතුව දුක ගියා
අපි හිතෙන් හිනැහුනා
මතකේ ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා

ආයෙත් පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

තිත්තම උන ජීවිතේ
රහට හැපුන මුද්දරස්පලම
පද්දන පැද්දිල්ලට කඩන් වැටෙයි කෙල්ලේ
හෙල්ලෙන පාලම

කැටයක් කඩපු දාට
පොඩි එකාට කඩ චෝරු
වගෙමයි දැක්කම නුඹ
මැවුනේ මට මගුල් පෝරු

වැදිලයි හිටියේ මට
වැහි නැතුවත් හෙනේ
ගැරඬිත් මට පිප්පුව උන්ට
නැතත් පුප්පන පෙනේ
දෙබලක් අහුවුනා මම නැග්ගත්
තනි කෙලින් පුවක් ගහේ
පස්සේ උබ ඇවිදින් මට දැක්කුවා
පතරංගම සෙනේහේ

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

Written by Manuranga Wijesekara & Kaizer Kaiz

පළමු හාදුව | 1st Kiss by Dilki Uresha ft. Kaizer Kaiz [2022]

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්
සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්
නොකියා කියූ රහසක් හිතේ
අවතැන් උනු හීන කල්පයක්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්

අපෙ පළවෙනි හාදුව
හාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්
මකා ගන්න හිතන් මගේ පාළුව
උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්

පන්සලක් වගේ හිත දන්සලක් කරන් උඹ වටේම බඩගිනි නිවනවද
උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින් මටත් කටක් උඹ කවනවද

උඹ ගන්නේ මම දුන්න හුස්ම
මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස
වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප
උඹේ සීතට හදට දුන්නේ මං උෂ්ණ

මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්
ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්
උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්
ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්

ලෝකෙට මමයි වැරදි කාර
ලියා ගනින් ඕන නම් මං හදපු පාර
හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව
උඹ පිච්චේවි උණුවෙලා කරුමේ තාර

හැඩකාරී නාරී | Hadakari Naari by Dinesh Gamage ft. Kaizer kaiz

වගතුග කොහොම කියා
ඇහුවට උත්තර නෑ
මගතොට දකින නිසා
හිත තව ඉවසන්නෑ
ඉගසුග පැද්දී
පොලවත් යයි පැද්දී
නුඹ ලග ඉද්දී මගේ හිත සුරලෝකේ

යමු අපි දෙන්නා
ලස්සන සලුපිලි ගත දවටාලා
සුර ලොව පෙන්නා
ඉමු අපි අපේම වෙලා

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී

හේ තංගච්චි
සිංහල තෙරියම ද
ඉන යට වංගෙඩියක් හංගලා ද
කිරි කිරි ගානව ඉන පදදලම
ඇත්ත කියහං ගෙදරින් ඔයා බැන්දුවාද

නැත්නම් මම වෙන්නම් හස්බන්ඩ්
අනිත් කෙල්ලො ටික ගන්න වෙයි හැබයි ඩස්ට්පෑන්
සිංදුවකුත් කියන්නම් බීබර් වගේ ජස්ටින්
පස්සේ කැමතිනම් කරමුද අපි
ඩිස්ටි ඩි ඩිං

උණු වැඩි වුන විටක් වගේ
හාදුවෙන් පිච්චුව ඇය කටත් මගේ
Jewelbox එකෙන් අරගත්තේ ඇදුම ඇගේ
හුළගට ලෙල දෙද්දී නම් ශෝයි අනේ

යමු අපි දෙන්නා
ලස්සන සලුපිලි ගත දවටාලා
සුර ලොව පෙන්නා
ඉමු අපි අපේම වෙලා

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

මනුසතා | Manusatha by Iraj ft. Layzie Bone, Peshala Manoj & Kaizer Kaiz

දෙව් බඹුන්ද දෝත නගාලා
වඳින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා

ප්‍රථමයෙන් සමවෙන්න
කල පව් වලට පිනක් හොයන්
ලියනව නෙමෙයි මේක
තිබ්බ කොටියට තිතක් කොමාවක්
දාල පටන් ගත්තෙ ඇයි තව විසක්
තරුණයෙක් මම තරුණයෙක් උඹ
අපි පරපුරක් හැදුනෙ යුද්ද ගිනි උඩ
නිවපු ගින්නේ අලු නැති වෙන්න පෙර
මට කියන්න ඇයි ගිනි තියන්නෙ මගෙ රට
බෞද්ධයෙක් මුස්ලිම් කරගද්දී
මුස්ලිම් කඩයක් ගිනි බත් වෙද්දී
දෙමළ තරුණයට කොටියා කියද්දී
කෙලෙසුනෙ මගෙ රට තොපි මරා ගද්දී
නිල් පාටයි නිදහස් අහස
කලු වෙලා දුම් වලින් විදෙස් බලවේග
ලස්සනයි පන්සලෙ බණ පෝය දාට
අම්ම කුණුහරප කියනවද තියද්දි පහන
මැද පෙරදිග අමුතුම නීතියක්
කස පාර හිමි වැන්දට බුදු පිලිමයක්
පොඩි පන්සල ගාව ලොකු පල්ලියක්
සමාවෙයන් උනා නම් අපෙන් වෙනස්කමක්

දෙව් බඹුන්ද දෝත නගාලා
වඳින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා

දෙව් බඹුන්ද දෝත නගාලා
වඳින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා

දර්ගා නගරය සිදුවුන තැන මගෙ උපත
පල්ලියත් හුරුයි වගේම පිරිත
කවුද තිබ්බෙ හරක් කොල්ලො පන්සලෙන් පිටට
පල්ලිය පාරෙ මග ‍රැකවල් දිගට
කවුද හරි කවුද වැරදි ඒක මට ප්‍රශ්නයක්
යාලුවොත් වටිනව ඒවගේම ධර්මයත්
ටික ටික අඩුවුනා ගෙදර තිබ්බ සහනයත්
උපාධියත් බල්ලොන්ට දාන්න වෙන තත්වයක්
‍රැකියාවක් හොයන්න බෑ ලොකු අත්තක් නොමැතිව
ඒකයි මං ගිහින් මුන ගැහුනෙ ගමේ ඇමතිව
පල්ලියට එන්නලු පන්සලෙන් සමුගෙන
බඩ ගින්න රජ උනා එරෙහිව ධර්මෙට
පන්සලට ගිහින් මම පූජ කළා මලක්
ඒ අතිම්ම වැදුන මගෙන් පෙරහැරට ගලක්
පරක්කුයි තේරෙද්දි කලේ මම පවක්
පොඩි දෙයක් වෙනුවෙන් ගිනි තිබ්බ ගමක්
අනිත්‍ය ලෝකේ මරණය නියතයි
තැන තන මරාගන්න හැටි මට තිත්තයි
මතක මගේ අතින් කොකා ගැස්සුනා විතරයි
යාලුව බිම වැටිලා වූ දැන් නිසලයි

Colombo Stars Theme Song by Randhir, Romaine Willis ft. Kaizer Kaiz

Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars
Colombo Stars, Colombo Stars,
Colombo… Colombo … Colombo Stars

Come on you warriors rise up

Colombos Rising, Our time is Coming
We are the leaders, we are the champions
නාමේ දිලෙන්නා, ජීවේ නැගෙන්නා
නිල්ලේ අභිමානේ නංවන්නා
Come on you warriors rise up
everybody scream and shout
Colombo … Colombo … Colombo Stars

දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Colombo Stars, Colombo Stars,
Colombo… Colombo… Colombo Stars,

රජ්ජුරුවෝ උඩයි උඩයි
අනිත් ඈයෝ ටික බිමයි බිමයි
අනාගතේ ඉතින් සුබයි සුබයි
මේ පාර අනිවා අපි දිනයි දිනයි

අම්මෝ Colombo එන එන බෝලෙට
හයක් ගහන්නෝ
විකට් පොලු තුනම දෙකට පලන්නෝ
අපි උඩ ඉඳන් කොඩි වනන්නෝ

කොලොම්පුරේ, කොළඹ ගම් පුරේ
හයක් එහෙම ගැහුවොත් පන්දුව පුරේ
කප් එක ගන්න නේද මේ පොරේ
ගින්නක් නැත්නම් තියන් එනවා කරේ
කොලොම්පුරේ Cricket

Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars,
Colombo Stars, Colombo Stars,
Colombo … Colombo … Colombo Stars,

Colombo we love
we gonna conquer
we are the best, we are the champions
නාමේ දිලෙන්නා, ජීවේ නැගෙන්නා
නිල්ලේ අභිමානේ නංවන්නා

Get up Your Seats, Get up lets go
Colombo take it on to the show
Colombo … Colombo … Colombo Stars,
දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Get up Your Seats, Get up lets go
Colombo take it on to the show
Colombo … Colombo … Colombo Stars,
දස්කම් මෙලෙස මත් කන් පා
විස්කම් ගෙනත් රජුන් උන්නා
ජවය පා බලය පා Colombo Stars

Colombo Stars, Colombo Stars
Colombo … Colombo … Colombo Stars

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

උන්මාද ප්‍රේම ගීය | Unmada Prema Geeya by BnS ft. Yohani, Kaizer Kaiz

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොකොයිබින්දා ඒ ගී මෙදා

කොහිද යන්නේ ඔයා පද්ද පද්ද
මේ වටපිටේ ඇස්වල වද්ද වද්ද
උඹේ ආලේ නැතුව මාව කැඩිලවත්ද
මගේ හදවත දාන්නේ දැන් සද්ද බද්ද
මේ හීන රඟහලක් කරන්නට තෙයියත් තා
තිබු අඩියක් ගානේ මාව ගිනි ගත්තා
තටු ස්වල්පයක් ගහලා ඔයා මාව රවටා
කල්පයක් මාව තියාගන්න ඉන්න දෙයියම්පා දෙයියම්පා

හන්තාන වැස්සේ
උනුහුමක් ඔස්සේ
අපි එදා මිමිනූ
ගීයයි මෙදා ඇසුනේ

මතකයන් අස්සේ
හිත තාම ගැස්සේ
අපි එදා තෙපලූ
ගී යයි මෙදා
ඇසුනේ

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොයිබින්දා ඒ ගී මෙදා

ප්‍රේම ගීය ඇසෙන්නා
ප්‍රේම ගීය ඇසෙන්නා
ප්‍රේම ගීය ඇසෙන්නා

කල්පයක් තිස්සේ
සිතිවිල්ල ඔස්සේ
දැවටෙනා පෙම් ගී
ඇයි මේ වගේ ඇසුනේ

සිහිලැල්ල අස්සේ
හාදුමල් වැස්සේ
හීනයක් තැවරූ
ආදරය දැන් ඇහැරේ

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
තුරු පත් පවා නොසලා
කොඉබින්ද ඒ ගී මෙදා

උන්මාද ප්‍රේම ගීය
ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුනා
තරු ඇස් වලින් සගවා
කොයිබින්දා ඒ ගී මෙදා
කොයිබින්දා ඒ ගී මෙදා
කොයිබින්දා ඒ ගී මෙදා

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

දැනුනු ආදරේ | Danunu Adare by Sanjula Himala ft Kaizer Kaiz [2021]

ආදරේ හීනයක් සැබෑ උනත් නැතත්
දවස ගානේ ගලනවා පොදි බැදන්
නුඹව මට මහ මෙරක්
අයිති වූවත් නැතත්
මගේ හිනේ ඔබමයි දකින්නේ මැරෙනකන්

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
මා හද කැලබූ ආදරේ

ලියන්න ලියන්න උඹ ආයේ මැකුවා
හිත හැදෙන්න හැදෙන්න උඹ ආයේ කැඩුවා
මං එල්ලෙන්න එල්ලෙන්න උඹ මාව හැලුවා
ඒත් මේ කාලකන්නියට උඹ නැතුවමත් බැරුවා

ගැලපුවේ ගැලපෙන්නැති හදහනක්
දැණ් හදවත තනිකර මලගමක්
යන්නත් කලින් එක මැරිලා දින හතක්
උඹ ආයෙත් එනවා පොරවගෙන හමක්

කොච්චර දැගලුවත් නවත්තන්න
මේ ප්‍රේතයා ආසම කටක් කන්න

මියෙන හදට පොඩි පනක් ගන්න
ගිහින් උනේ උඹේ ආදරේ මැරුම් කන්න
ඇයි ඇයි රිද්දන්න ආස
විදිනවා බලං ඉද්දී මං නුඹේ පහස

එලිකරපං කෙල්ලේ ඒ රහස
වචනෙකින් දුකයි සතුටයි දෙකම දෙන රහස

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මා පුතේ | Ma Puthey by Kaizer Kaiz ft. Lil Neo [2021]

කෝමද මා පුතේ
රැප්පච්චි ආවා අයින් වෙලා ඉඩ දීපන් මාවතේ
මගේ රැප් ගියා දඩාවතේ
නොගියානම් මැරෙනවා හාමතේ
මම සින්දු කරා බර ගානක් නම්
මම හම්බ කරා ලොකු ගානක් බන්
ඒත් මැන්ඩිය අමතක කරේ නෑ මන්
කැරකිලා ගැහුවත් දැන් මාලක්කන්
අද වාගේ මතකයි මට මුල
බොහොම ස්තූතියි පොඩි ඉඩක් දුන්නට උඹලගේ හදවත් තුල
මන් සරුංගලේ රැප් නූල
ඒත් මෙච්චර කාලයක් උඩට ඇවිත් මන් උඩම හිටියෙ
මට හුළඟ දුන් නිසා රත්තරන් fans ලා ටික
නම කේසර ගම උඩරට
විනිවිද පේනවා බලපන් හදවතේ සිංහල කම
විශ්මිත බව අපේ රැප් වල ඉල්ල්නොයිස් සේනාව
වැදුනත් හතුරගේ වෙඩි පිට පිට නැති වුනේ නෑ කේසර ගේ හඩ
මිතුරන් කොතරම් හිටියත් ආදරේ හතුරට දිරිමත් කරාට
කයිසාණුකරනය කලවම්
ඉල්නාදේ රැප් කසාය
අපේ හතුරට මේවා ලෝදිය වුනත්
අපේ මිතුරට මේවා අමුර්තය
ලංකාවේ ඇවිදින්න මට ඕනේ වෙන්නෑ මාලීමාව
රජ වෙන්නේ කෝමද බන් වෙන රටක තියගෙන මාළිගාව

හදවතේ නෑ ගිනි
ළඟදිනම් වෙන්නෑ නිමි
Fans ලට පින් දිදී
බඹරු විද්දත් මම නගිනවා සීගිරි

හදවතේ නෑ ගිනි
ළඟදිනම් වෙන්නෑ නිමි
Fans ලට පින් දිදී
බඹරු විද්දත් මම නගිනවා සීගිරි


කලින් එක මැරුව නිසා ඇවිත් hearse
මැරුවද බලන්නත් වටවෙලා රැපර්ස්
දොසතර වගේ රැඟුවට උන් ඔක්කොම ටික male nurse
කියන දේ කියනවා තක්කෙට
උබලා ගැලපෙන්නෑ මගේ තත්වෙට
කැන්වසින් සංගීතේ ඡන්දෙට
කේසර කඩේ යන්නේ රැප් පක්ශෙට
බාර්ලීමේන්තුවේ කුණුහරප කියලා තිබ්බ ඇමති කම නැති වුනා
ඒ වැරදි හදාගෙන ආයේ ආව මන් සීයට තුන මගේ ලොකු කරන්
වදන් බෙදන රැප් දානපති
පිඟන් හිත් නම් රැප බාස්මති
රහ වෙනස් ව්‍යංජන උයලා ඇති
දන්සලෙන් කන්න කවුද අකමැති
උත්‍තර දීපන් ප්‍රශ්නෙට
ගින්දර වගේ මගේ රැප් ටික
බිත්‍තර රත් වෙන රස්නෙට
පුපුරලා පැටව් ගැහුවේ රැප් තරගෙට
දැන් තමයි එන්නේ ඩිස් එක
බොලා කරත් සින්දුවක් විනාඩි විස්සක
ඒකට වැඩියෙන් වචන තිබ්බා මගේ නිකන් ගහන කෙල රිත්තක