ආදර වසන්තයට | Adara Wasanthayata by Raveen x Kalpana

බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ //
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානේ..
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානෙ දේවී

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

ආ තේරුනා
පුංචි නැහැනෙ මිරිස් කරල
දුම් දමනවා
ඈත පෙනෙනවා

හා බේරුනා
හිතා ඉන්නෙ එහෙම නේද
බස් දුවනවා
ඈත පෙනෙනවා

හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවා…නේ
හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවානෙ ආයෙ

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

written by Kusala Vidanapathirana

වංකගිරි | Wankagiri Gamana by Tharindu Damsara ft. Kalpana

අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණින
ආලයේ දින පොතකි පෑන් තුඩකින් අනින
අපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණින
වංක ගිරි ගමනක්‍ ය මග වෙනස් වෙන සැනින

සුසුම් පොදි සුළඟක් ව යයි පාව පාව
සිහිවටන කඳු මුදුනේ හිත ගාව ගාව
නුඹ සොයනු දැනුන මුත් නැවත යලි නාව
නුඹ පැමිණි දා ඉදන් මම හොයන මාව

වාරෙටත් මල් නේන වසන්තය ගාව
හැරීයන පියාපත් පෙරාතුව ආව
දේදුන්න මකෙද්දිත් පාට අපි ගෑව
සිහිකරමි ඔබ තුළ ම පෙර සිටිය ඈව

written by Ruhunuketha Dhammadewa Thero

tharindu damsara,kalpana kavindi,romeo (feat. kalpana kavindi),tharindu,shalika dissanayake,wankagiri gamana,kavindi,damsara,kalpana,gayashan weerawansha,himala,sanjula himala,wasagena nethu,kandy lake,the flame of love,dissanayake,shalika,numbata wadiyen,sri lanka,robarosiyan,deepathi jayasooriya,sinhala songs,kavin harshana,new songs,3rd eye cinema,reazon records,kandy,sanjula,gayashan,number lengathu,the night without her,weerawansha

මතක දිනපොත | Mathaka Dinapotha by Tharindu D ft. Kalpana Kavindi

මතක දිනපොත එකිනෙක පෙරලා..
බලන රැය මට නම් නිදි නැතුවා..
තුරුළෙහි දැවටෙමින්..
ඔය හැටි මනමාලකම්..
සිහිවන විටදි දැන්..
ඉවසුම් නෑ මටත්..
දවසක ඔය ඇස් මගෙ වෙන හිංදා

නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්..
පාට පාට ගා ඇදපු සිත්තම්..
පින්න වැටෙන රෑ සීත ඇත්තම්..
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණනේ උර තලයෙහි ඉමී
කවදක හරි හවසක යලී..
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා..

මගෙ හිතට නුඹ දුන්නු මංදහාසකම් ..
දෑස හිත අස්සේ නටපු නාඩගම්..
මාව අවුලුවන හීය නුඹම නම්..
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම් ..
කුමරාණනේ උර තලයෙහි ඉමී
කවදක හරි හවසක යලී
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා

මතක දිනපොත එකිනෙක පෙරලා..
බලන රැය මට නම් නිදි නැතුවා..
තුරුළෙහි දැවටෙමින්..
ඔය හැටි මනමාලකම්..
සිහිවන විටදි දැන්..
ඉවසුම් නෑ මටත්..
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා..

මේ ඇස් නිදි නෑ | Me As Nidi Na by Kalpana Kavindi

මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

නපුරුම කතා පුරුදුම කලා..
මතක මත් කලා..
හුරතල් වෙලා ඇස් කියවලා
සිහින සිරවෙලා

සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා

කවි ඇස් පොතේ මුලකුරු පවා..
කියාදුන්නේ ඔයා…
තුරුලෙම තියා ඉමුදෝ කියා..
හීන හැදුවේ ඔයා..

සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා

මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

දැනුනා | Danuna by Kalpana Kavindi

දැනුනා
සිතක නිදහස
ලයක් උනුහුම රැදුනා
පෙනුනා
පැතූ සෙනෙහස
රැදුනු සිනිහව මුයිනා

සිතුනා මගේම වී නුඹ
දිවි සරන්නට
පැතු දා
තුටිනා
ඔබේ ලොවේ සැම
සුව සරන්නෙමි සැමදා
සැමදා

සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා
සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා

මැවූ ආශා දැහැන කී නුඹ
සසර පෙරදා ලංවුනි
පැතූ පැතුමන්
පිරී පෙරුමන්
මේ භවේ අභිමුව රැදී

සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා
සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා

රන් කෙදින් බැදී
නුඹේ අතැගිලි
දිවිපුරා අත් නොහරිමී

ආලයෙන් දනී
නෙලූ සිතුවිලි
සත් සුවක් කල්
රැකගමී

සසර මතුවද
නුඹව පොතනෙමි

එක දවසක අපි | Eka Dawasaka Api by Sandeep Jayalath & Kalpana Kavindi [2018]

එක දවසක අපි නූපූරුදූ සුවඳක
හිත හෙමිහිට බැඳුනා

අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

තුන් හිතක සීතලේ ගුලි වුනු
පෙම් කවක් තියෙනවා කියන්න
දිව්රන්න ආදරේ නාමෙන්
මා හැරදා නොයන බව
ඔබේ සූවඳ දැනුණා
හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

මේ ලොවම සැහැසි වූ අඩ සඳ
මා හදෙන් වෙන්වී නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුනා

ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

නිදි නේනා | Nidi Nena by Kalpana Kavindi

නිදි නේනා
හීන ගේනා
මට ඕනා
දෑස පේනා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා

මගේ සොදුරු හැගුම සගවා සගවා
සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා
දෙනෙත දිලෙනවා
මගේ එකම පැතුම
පාරා පාරා රහසෙම ඉකි බිදුනා
දවසක් දා
පාවී එනවද මා සොයලා
හිත හඩලා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා

නෙතු කදුලු අතර
රදවා රදවා
දවස ගෙවනවා
ඔබ අහිමිවෙයි ද
සිතලා සිතලා
සිතම රිදෙනවා
දුර බලන බලන වාරය පාසා
සමනල සිත සැලුනා
දවසක් දා
පාවී එනවද මා සොයලා
හිත හඩලා
සද පායා පායා රෑ
සිත අහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා