ආලයේ කමටහන් | Alaye Kamatahan by Tharindu Damsara [2020]

පිපි කුසුම් එකිනෙක සිනාසී
වැලදගනු ප්‍රේමයේ නමින්
නිසිකලට නොපිපුනු කුසුම්
ඉකිගසයි මඩ ගොහුරකට වී

තුටු දනන් දැකගත් සැනින්
ක්‍රෝදයෙන් උනුන් දෙස බලන්
අහිමි ජීවිත සතුට පාවා දී කදුලින්
ඇදිවත තෙත්කරන්
පාට තැවරූ සිහිනයක්
අහස නිවනා පොළොව සරනා
සැවොම නිව් භාවනාවක්

ආලයේ පරිමාව නොදැනම
ජීවිතය අකලට ගිහින්
ප්‍රේමයේ නිවනත නොදුටු උන්
ලෙඩ ඇදේ මොක්සුව සොයන්
පාට තැවරූ සිහිනයක්
අහස නිවනා පොළොව සරනා
සැවොම නිව් භාවනාවක්