කම්බි තාප්පෙට හිරකරගෙන | Kambi Thaappeta Hirakaragena by Chamara Ranawaka

කම්බි තාප්පෙට හිරකරගෙන
මා අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන්
උඹවත් හුලග දිගේ ඇවිදින් අම්මෙ
මලහිරු බැසයන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

පරණ චීත්තෙට ඔලුව තියාගෙන
පන් පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලේ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොදට දනී
අම්මට තනියෙම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනී
අම්මගේ නම මම පපුවේ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇති

කම්බි තාප්පෙට හිරකරගෙන
මා අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන්
උඹවත් හුලග දිගේ ඇවිදින් අම්මෙ
මලහිරු බැසයන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

වාට්ටුවේ අය එකා වගේමයි
පසු තැවි තැවි තනියෙන් අඩලා
රජ සිටු මැතිවරු ලෝකෙ දකින්නේ
මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනි පංගලමේ මහ රෑ යාමේ
උඹ හඩනා හැටි මට මැවිලා
කම්බි කූරු වල ඔලුව ගහනවා
පපුවේ ගින්දර මට දැනිලා

කම්බි තාප්පෙට හිරකරගෙන
මා අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන්
උඹවත් හුලග දිගේ ඇවිදින් අම්මෙ
මලහිරු බැසයන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here