සසර පුරා | Sasara Pura by Dasun Madushan [2023]

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලා
පියනගනා විට පියතුම අතෙහි එල්ලිලා
වෙනදා මෙන් නොව මගෙ හද ගැස්ම වැඩිවෙලා
මට නොදැනිම මගෙ දෑසම කඳුළු තෙත් කලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

නික්ම යන්න අලුත් ලොවක දිවිය අරඹලා
මොහොතට පෙර නුඹ ආදර මවට ලංවෙලා
කෙලෙසක නුඹ රැගෙන යම්ද සිතත් නැවතිලා
හිදිමි මුවග සිනහවකින් කඳුළු සඟවලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

written by Kasun Wickramasinghe

එඩිතර හිතින් | Edithara Hithin by Dasun Madushan ft. Kasun Wickramasinghe [2020]

එඩිතර හිතින් රුපු බාධක බිඳලමින්
ස්මාරක තැනූ මනුසත් මෙහෙයුම කොනින්
පෙවු කිරේ මවු නමින් රෑ දිවා යුධ වැදී
(නෑ බෙදී දෑ බැඳී ඈ රකී සිංහයෝ)

පීරා සිවුකොනේ නොතකා දිවි නුඹේ
ප්‍රානේ මුදවනා හිත එක අරමුණේ
රැව්පිලි දිදී නෙක පියවරුන් මව්වරුන් හඬනා
ඒ හඬ ඇසී හිනැහුනා නොමිනිසුන්
නෑ බෙදී දෑ බැඳී ඈ රකී සිංහයෝ

පේවී එකහිතින් සුව කරනා අධිටනින්
නේනා දේවිවරුන් නුඹ හැර රන් සෙන්පතින්
කඳුලැල් සිදී සිනහා මැවී හිරු නැගී අහසේ
යදමෙන් මිදී පිබිදෙමු.
නෑ බෙදී දෑ බැඳී ඈ රකී සිංහයෝ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here