උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

සමුදුර තොටුල රැළි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවී පඩු එයි මතු දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දo ගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ
ආලේ වේ

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

written by Milinda Madawa Perera

ස්වේත හීන | Swetha Heena by Kavindya Adikari ft. YAKA [2020]

මේ රෑ මා සිතැඟි ආශා වෑහෙනා
විමති වී සඳ සේ රූ සේයා
යාවෙනා ළංවෙනා
රූ ඡායා මනස රූ රා නැහැවිලා
සලිත වී මතුවේ
ඒ ඡායා රෑ පවා යාවෙනා

ස්වේත හීන පායා
මැවෙනා රූ සොබා වත
නින්ද නේන හේතු ගානේ
සිත ඇහැරෙනා සඳ රෑ පුරා

නෑ සීමා බිදෙති සීමා සෑහී මා
සුරත දී රිසි සේ මා
දෑසා පේවෙනා සැහෙනා
රූ සීරා සිහින රූ රා රෑ පීරා
උමතු වී සයනේ රූ තෝරා
මා වෙලා ලංවෙලා

ස්වේත හීන පායා
මැවෙනා රූ සොබා වත
නින්ද නේන හේතු ගානේ
සිත ඇහැරෙනා සඳ රෑ පුරා
සඳ රෑ පුරා

රසඳුනී | Rasanduni by Ranga Weerasekara ft. Kavindya Adikari [2020]

තරු යායේ සැතපිලා..
සඳ පාන එන තුරා..
හිත හීන හොය හොයා..
ඉමි පාලු රැය පුරා..

නුඹ මා පතාම ආ නිසා….
හද ප්‍රේම විල කැලඹී..
පැතු හීන අද එලි වී…

නෙතු ගාව දැවටෙනා සිතු
මතු දාක විමසලා..
නුඹ කීව පෙම් කතා නිති
නිදි නේන රැයපුරා..

දෙව් ලිය පරදන රුව සොබා..
හදවත නිති මා මත් කලා..
සනහස වෑහෙන සිත සොරා..
සැනසෙමි පාලුව බිඳ දමා…

හද ප්‍රේම විල​….

සිතගාව දිවිතුරා හිඳ
අම ප්‍රේම සුව සදා…
පිනි සේම ගිලිහෙනා තුරු
නුඹ වේය රසඳුනී..

සඳවත විලසින් නුඹ පතා…
අමරස වෑහෙන පෙම පුදා..
තුටු කර නිබඳව හද සරා..
විහිදනු පැහැසර මා පතා..

හද ප්‍රේම විල කැලඹී..
පැතු හීන අද එලි වී….යේ සැතපිලා..
සඳ පාන එන තුරා..
හිත හීන හොය හොයා..
ඉමි පාලු රැය පුරා..

නුඹ මා පතාම ආ නිසා….
හද ප්‍රේම විල කැලඹී..
පැතු හීන අද එලි වී…

නෙතු ගාව දැවටෙනා සිතු
මතු දාක විමසලා..
නුඹ කීව පෙම් කතා නිති
නිදි නේන රැයපුරා..

දෙව් ලිය පරදන රුව සොබා..
හදවත නිති මා මත් කලා..
සනහස වෑහෙන සිත සොරා..
සැනසෙමි පාලුව බිඳ දමා…

හද ප්‍රේම විල​….

සිතගාව දිවිතුරා හිඳ
අම ප්‍රේම සුව සදා…
පිනි සේම ගිලිහෙනා තුරු
නුඹ වේය රසඳුනී..

සඳවත විලසින් නුඹ පතා…
අමරස වෑහෙන පෙම පුදා..
තුටු කර නිබඳව හද සරා..
විහිදනු පැහැසර මා පතා..

හද ප්‍රේම විල කැලඹී..
පැතු හීන අද එලි වී….

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

තුරුලු වෙන්නද | Thurulu Wenna Da by Kavindya Adikari [2020]

පියඹලා යන්න ආකහේ – හැඟුමක තටු සැලුනා
නොම කියා උන්නු ආදරේ – පපුවට බර දැනුනා
තුරුලු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා
කඳුළැලි ළය මත ගලන තුරා
සියොළඟ ඔබ ළඟ නිවෙන තුරා

තරු පාට දේවි නීල අහස පුරා
මල් රේණු පාවි පාවි සුවඳ සලා
දෙනෙතට දෑස යාවෙලා – හසරැලි සේල වෑහිලා
ඔබ හාදු දේවි මේ කොපුළ පුරා
ගොළු වෙලා ඉන්නවා ඔහේ – පපුවට තුරුලු වෙලා
හිත පුරා තියෙන ආදරේ – ඔබටම දැනෙන තුරා

කඳු යායෙ ගෑවි ගෑවි සිනිඳු වලා
කොදුරාවි ආදරේට කියන කතා
පවසනු කෝම ඒ කතා – අකුරට පේළි තෝරලා
ගළපා කියන්නෙ මේ හැඟුම ලිහා
සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here