කෙසේ කියන්නද | Kese Kiyannada by Milton Mallawarachchi

කෙසේ කියන්නද ඔබ මා අතහැර
ඉවත ගියා කියලා…
මගේ මුවින් මම ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා…

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා…
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා…

සෙනෙහස බිඳුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා…
මවිසින් ඔබ අත් හලෙමියි පවසමි
ලොවටම ඇසෙන නියා…