ආදර වසන්තයට | Adara Wasanthayata by Raveen x Kalpana

බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ //
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානේ..
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානෙ දේවී

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

ආ තේරුනා
පුංචි නැහැනෙ මිරිස් කරල
දුම් දමනවා
ඈත පෙනෙනවා

හා බේරුනා
හිතා ඉන්නෙ එහෙම නේද
බස් දුවනවා
ඈත පෙනෙනවා

හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවා…නේ
හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවානෙ ආයෙ

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

written by Kusala Vidanapathirana

හිතේ බැන්ද ආලේ | Hithe Banda Ale by Ravi Royster [2023]

පැටලී යයි දුර අහසේ
මන බැන්ද ගීයේ කාරනා
කැළඹී යයි හිත ආයේ
නවතන්න වේවී කල්පනා

සන්සුන් හිතින්
එක හුස්මකින්
නුඹ පෑව හීනේ සගවා මා දුර ගියා
නොවෙනස් කතා
දෙහිතක් වසා මා

නවතින්න ආසයි තේරුනා
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

නුරා හීන ගාවා
සදේ දෑස පේනා
ටිකක් ලගට එන්නම් පේවිලා
ලගින් හුස්ම ඇහෙනා
දෙතොල් සලු දිලෙන්නා
සදේ කැල්ම පාරයි මා වෙලා
උණුහුමේ රස කතා
අමතන්න තහනම් කල්පනා

හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

written by Kusala Vidanapathirana