රැඩිකල් | Radical by Lil Neo ft. OOSeven & Zany [2021]

දෙව් ලෝකේ උඹ යයිදෝ පහු කරලා
ගල් ගහලා අනෙකගේ
කකුලෙන් ඇදලා
වෙනසක් කෙරුවත් උන්
ඇස් වල කටු ඇනෙනවා
බාධා පිට දාලා තිබුනත්
පැරදෙයි උඹලා

අහසේ මාලිගා හදන්නේ මිදෙන්නේ
මං හීනෙන් ඇස් අරින්නේ
කව්ද මාව දන්නේ
මේ ලෝකේ වෙනස වෙනම
කෝණෙන් මං දකින්නේ
කැමති දේ කරන්නේ
හිතන දේක වෙන්නේ
ආස නෑ කරන්න සංගීතේ කෙඳිරි ගාන
මං ආස දේ කරන්නේ
සිංහල වචන අපි මවාන
කන් පිං කරන්න ඕනි දැන්
ඇහෙනමානේ ඉන්න
දුවන්නේ ඇඟ පුරාම ලේ
රත්වෙලාම හිස දවාන මේ

විකාර සිංදු ඇහුවේ මං
මගෙම ලොවක ඉද්දි
බිත්ති අතර මැවෙන
සිද්ධි ලිව්වේ මං කිව්වේ
අපි කරපු වෙනස දැනුනද
හිත පතුලට යන්න දැන්
මඟ සලකුනු අපි තියලා ඇතිය
මාවතේ මග දැන්
පිලිවලකට අසුන් ගන්න
වස විදින්න නිහඬතාවය
තිත තිබ්බා ඇවිල ගින්න
විස්මිතයි දැන් පිලිගෙන අවසර වෙන්න
කොළඹ සිපගෙන සැතපෙන්න
අවසන් මොහොතෙදි නුඹ
රැගෙන සතුටු වෙන්න

කන පිරෙනා රැප ගෙනෙනා
වැදි බණ කිව්වත් බෝ දෙනා
මට ගහනා ගල් අහුලා
යනෙනා පාරේ අතුරලා
රැප් හීන මවා රජ කරනා
දවසක් හෙට එනතුරා
රැඩිකල් කියලා කොටු කරලා
තිබුණට නවතින්න එපා

මිනිස්සු දකින කෝනේ අනුවයි
හිතන්නේ අපිට පිස්සු
බලපන් එකම තැනක හිරවෙලා
ගරහන මාර මිනිස්සු
කොල්ලෙක් පාට කරද්දී කොන්ඩේ
කරන්න පණ නෑ උබලගේ කොන්දේ
දැකලා ඉරිසියාවට ගහන්නේ
රස්තියාදු පාර ලේබලේ
කෙනෙකු ආස දේ කලේ
තව මිනිහෙකු නෑ කලේ
අපි මවනවා යාලුවෙක්
උඹ තනියම කාමරේ
සුදුරෙදි ඇඳගෙන කරනවා
වැරදි වහන්නේ ආගමේ
හැම මිනිහාම නිවැරදි
වෙනවද දහම් පාසලෙන්

නෑ දකින දේ හිතන දේ
නැහැනේ බන් හරිම දේ
තියෙන්නේ බන් හදවතේ මනුස්සකම්
මිනිස්සු හොයන සතුට කෝ
තියෙන්නේ ජීවන රටාවේ බ්‍රෝ
උඹලා හිරවෙලා රාමුවකට
ඇයි අපිට ඇද කලේ
කොල්ලෙක් දැම්මොතින් කරාබුවක්
උඹට ඇයි අමාරුවක්
ඕනේ නෑ විවාද නම්
කරපන් උඹලත් ආසනම්
අද මං ගෙවන ජීවිතෙන් මිදෙන්න
හිතලා නෑ මම තාමනම්
හිනාවෙලා ඉද්දි හැමදාම
උඹ ඇසුරු කරන්නේ මාව නම්

දෙව් ලෝකේ උඹ යයිදෝ පහු කරලා
ගල් ගහලා අනෙකගේ
කකුලෙන් ඇදලා
වෙනසක් කෙරුවත් උන්
ඇස් වල කටු ඇනෙනවා
බාධා පිට දාලා තිබුනත්
පැරදෙයි උඹලා

කන පිරෙනා රැප ගෙනෙනා
වැදි බණ කිව්වත් බෝ දෙනා
මට ගහනා ගල් අහුලා
යනෙනා පාරේ අතුරලා
රැප් හීන මවා රජ කරනා
දවසක් හෙට එනතුරා
රැඩිකල් කියලා කොටු කරලා
තිබුණට නවතින්න එපා

කන පිරෙනා රැප ගෙනෙනා
වැදි බණ කිව්වත් බෝ දෙනා
මට ගහනා ගල් අහුලා
යනෙනා පාරේ අතුරලා
රැප් හීන මවා රජ කරනා
දවසක් හෙට එනතුරා
රැඩිකල් කියලා කොටු කරලා
තිබුණට නවතින්න එපා