මං ආදරෙයි | Man Adarei by Miran Archana [2020]

සිතින් මා
හදුනන්නේ
ලොවම දුටු දා සිට මා
සොයායන්නේ
දෙනුවන් ඔබේ
අහසක් වගේ
මතකේ තිබේ
උණුහුම හදේ

මාගේ
ජීවිතයේ
සාගරේ
මං ආදරෙයි

නෙතින් සෙව්වා
තුරුලේ වෙලුනා ඔබ හා
දෑත අල්ලා
පාද තැබුවා ඔබ හා
සිහිනයක් සේ
දිවිය වැඩුනා ඔබ හා
මිහිර ඉතිරූ
දෙහද බැදුනා ඔබ හා

මාගේ
ජීවිතයේ
සාගරේ
මං ආදරෙයි

මං ආදරෙයි | Man Adarei (Me Wage Adarayak) by Chithral Somapala

වසන්නයේ මල් පිපිලා
හදවතේ පතුලින් ආ
සුවඳක් වෙලා විසිරීලා

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

නිරන්තරේ මා හා ළඟින්
සිව් මංසලේ ගිය මාවතේ
සිටියා ළඟින් දෑතේ වෙලී
සුවඳක් වුණා වෙලිලා
පෙමින්

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
සුන්දර ආදරේ අපි ගයමු
ලොවටම කියමු
ඔබෙ ආදරේ සදහට මාගෙයි
මෙතුවක් භවේ