මං තනිවම | Man Thaniwama by Dinesh Gamage

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා

දවසක දැනේවී – තනිවම හඩාවී
කදුලුත් හඩාවී…හඩාවී

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

written by Dinesh Gamage & Manuranga Wijesekara

හිපි ඩෙනිම | Hippie Denima by Daddy [2023]

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

ඇස් වල ඉරි පාට පාට රූ මවා
හීන රහයි දැන්
ගස්වල මල් අපිට අපිට අතවනා
එන්න කියයි නම්
වන්වේ යන ජීවිතේම ඉරි කපා
නඩුව එපා බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

තප්පර කටු රත් වෙලා
ඇද වෙලා කාලේ ගෙවයි දැන්
චිත්තරපට දර්ශනේම බොද වෙලා
ඔලුව අවුල් නම්

පත්තර වල යන්න කලින් යමු සනා
හිතට ශුවර් බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

written by Manuranga Wijesekara

ඔබ නිසා | Oba Nisa by Dinesh Gamage [2022]

නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා

මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා.

සඳට ලංවී නුඹට
හුරුවේ හිතට නතුවී
බවයෙ හමුවී එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හදුනනා
ප්‍රේමය නිසා අප හමුවුණා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා

මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා

written by Manuranga wijesekara

ආදරෙන් | Adaren by Shehan Shakila [2022]

ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ
ජීවිතේ නව ගමනක් සොයා
යන්නෙ ඇයි තනියේ
සුදු මල් තැනින් තැන විසිරී ගියා
ඔබේ නමින් සොදුරේ
මම දැන් බලා ඉමි අවතැන් වෙලා
ඉතින් යන්න සොදුරේ

ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ

ඔය හිතේ රිදෙන තැන් සොයා
සනසලා දුරක මන් ගියා
මගෙ ලගින් උන්නු හැටි පවා
හිත මතින් පාව යයි ගලා
තුරුලේ වෙලෙන්න මගෙ වෙලා
දිවුරා කියන්න මගෙ කියා

ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ
ජීවිතේ නව ගමනක් සොයා
යන්නෙ ඇයි තනියේ
සුදු මල් තැනින් තැන විසිරී ගියා
ඔබේ නමින් සොදුරේ
මම දැන් බලා ඉමි අවතැන් වෙලා
ඉතින් යන්න සොදුරේ
ආදරෙන් අත අල්ලන් ඔයා ආව ගිය පාරේ

written by Manuranga wijesekara

හිස් හිත | His Hitha by Krishni ft. Kaizer Kaiz [2022]

නිහඩව අසා සිටිනවා
හිත කියයි රස කතා
නුඹ ගැන තවම සිතනවා
පසුබසී දුක පවා

මතකය ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා
ආගිය පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

වරදට සමාව ඉල්ලා
හද මගේ වැලපුනා
අවනත නැතුව දුක ගියා
අපි හිතෙන් හිනැහුනා
මතකේ ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා

ආයෙත් පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

තිත්තම උන ජීවිතේ
රහට හැපුන මුද්දරස්පලම
පද්දන පැද්දිල්ලට කඩන් වැටෙයි කෙල්ලේ
හෙල්ලෙන පාලම

කැටයක් කඩපු දාට
පොඩි එකාට කඩ චෝරු
වගෙමයි දැක්කම නුඹ
මැවුනේ මට මගුල් පෝරු

වැදිලයි හිටියේ මට
වැහි නැතුවත් හෙනේ
ගැරඬිත් මට පිප්පුව උන්ට
නැතත් පුප්පන පෙනේ
දෙබලක් අහුවුනා මම නැග්ගත්
තනි කෙලින් පුවක් ගහේ
පස්සේ උබ ඇවිදින් මට දැක්කුවා
පතරංගම සෙනේහේ

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

Written by Manuranga Wijesekara & Kaizer Kaiz