මුතු පින්න | Muthu Pinna by Marians

මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ

මල් රෙද්ද තදට තනි රකී ඉනේ
මල් යාය හොඳට සැප විඳී බඳේ
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ
ඔබ දකින එකත් සැපක්නේ අනේ

මා දැක්කම ඉඟ නටන දර්ශනේ
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ
නගා බලා ගන්න නෑ මම දන්නේ

මුතු පින්න තාම හීතලයි වගේ
රහ දන්න දෑස මග බලයි ඉබේ
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ
හද ගැස්ම ඔබට දැනෙනවද මගේ

ලයිලා | Layila by Marians

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ලස්සනයි නුඹලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

පැණි පෙරෙන ඉදි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා

ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ලස්සනයි නුඹලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

පැණි පෙරෙන ඉදි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා..

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා..
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ලස්සනයි නුඹලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

පැණි පෙරෙන ඉදි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා

මේ ජිවිතේ | Me Jeewithe by Marians

මේ ජිවිතේ ආදරේ නැති නම්
නෑ ඵල නෑ ජීවිතයේ එහෙනම්

නපුරු සිතුවිලි ඉවත ලා
සතුරු වන්නට නොම සිතා

සැමට කරුණා මෙත් වඩා
මිතුරු වී අපි ඉමු සැමා
ආදරයෙන් බැඳිලා

එකම මවකගේ දරුවෝ වී
ආදරෙන් අපි එකතු වී
දිවි ගෙවන්නට වෙන් නොවී
සිතුම් සැම දෙන මිතුරනේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සිත තුල | Sitha Thula by Marians

සිත තුල ඇති දුක්
කරදර ඔක්කොම
අමතක කර දමලා
සතුටු වී මෙසේ
ප්‍රීතියෙන් ඉමු
සැමවිට සිනහ සලා
ලස්සන ලස්සන
ගී ගයා නටලා

ගිය දේ ඔහේ ගියාවේ
වෙන දේ ඔහේ උනාවේ
කොමදෝ ඉතින් හඩාලා
දුකින් සැමදා මේ ලෝකේ
මල් මල් ජීවිතේ

අපි යන මේ දිවි ගමනේ
සතුට සැනසුමයි ඕනේ
කිමදෝ ඉතින් හඩාලා දුකින්
සැමදා මේ ලෙසේ
මල් මල් ජීවිතේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here