මට කියලා | Mata Kiyala Munagahune Obamai by Methun SK

මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ
හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ
මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳ වෙලා
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා
ගලනා කඳුලැල් මැකීලා තාම නෑ මං ඒ මතකෙන් මිදීලා
ගයපු ආලේ ගීතිකා ඇහෙන මානේ නෑසුනා
හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා
පවසන්න වදනක් හිරවීලා ඇත තාමත් මා හර්දේ ගිලීලා
මවපු හීනේ රෑ දිවා, පේන මානේ බොඳ වෙලා
හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ
මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ
හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

Written by Methun SK

methun sk,methunshanka,theme songs,songs,samanala kanda,acoustic fusion,sony,new sinhala video,dhanith sri,new sinhala,fusion music,kalathurakin,bimal jayakody,rahul warawitage,adventure,sony a7s2,sasaran a mithura,sasaren a mithura,ranil goonawardene,la signore,sri lankan,sasaren aa mithura,adams peak,music video,supun perera,entertainment,blissful minds,audio,video,rahul,ms entertainment,ridma weerawardena,sinhala music video,koombiyo,facebook

කාරි නෑ සඳ | Kaari Naa Sanda by Methun SK [2023]

ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්

හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත්
මාසෙකට සැරයක් නේ බං

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද

Written by Methun SK

හිත හොයන්න | Hitha Hoyanna by Kasun Kalhara [2023]

රෑ බෝ වීලා පේනා නිසා
හීනේ යහනේ ඉකිබින්දා
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක්විඳිනා

ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා.
පව් පල හා පොරබදලා
ඉකිගාන කඳුලැල් සොයා
පිහිදාමු පිහිටක් වීලා

ලෝ සරනා මිනිසා සොයනා
සෑහීමක් නෑ මියුරූ
ආසා නසනා අයුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

වී පලදූ ගෙවිලා ගියපූ
කාලේ මතකේ සයුරූ
පතුලේ සඟවා ගැඹුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

written by Methun SK

kasun kalhara,kasun kalhara live,kasun kalhara voice,kasun kalhara acoustic,kasun kalhara new song,kasun kalhara live sing,kalhara,kasun kalhara song collection,kasun,soduriya kalaya ketharam,thani tharuwe,arabumama kadulak wela,sinhala songs,rukshan s subaainghe,sara sade,obata ma adaraya kala bawa,ananthayata yana para dige,sinhala new song,premaye wil there,adara hagum,new sinhala songs,mal mitak thiyanna,sada sada wage,adara mal wala,obata ma

ලෝක සිතියම | Loka Sithiyama by Methun SK & Dhanith Sri

ලොක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය
ලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට

වර්ගයා නසාගෙන,
ස්වර්ගයා හොයා යන
මුර්ගයන් ඉන්න ලොකෙක,
සොයනවා අපි වසන්තය

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට,
පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආද්‍යාත්මික

ප්‍රාන්තේඇති වේදනාවට
අනන්තේ දුර යන්නේ මොකටද
වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද?

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

කරගහන් එන හේතු ඓල ටික,
ගෙවනවා තව එකතු කරගෙන.