දුවනී | Duwani by Mihindu Ariyaratne [2017]

හිතෙනවා මමත්… පියෙකු වූවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ

කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමිනැතත් මට වන්නට…
පිය උරුමේ…
නොවුනත් ඇය මගේ දුවනී…
අපි මැවූ… සිහිනේ… සිටියේ ඇයයි

අපි මැවූ සිහිනයේ නිම්හිම් සොයා…
අදවූනත් මා සිතින් යනෙනා නිසාආආආ…
නම නොදන්න මාගේ දූවනී…
මම නොදන්න මාගේ දුවනී…
අපගේ හීනේ හැඩකෙරූ කුමරී…

පෙම්වතී… ඇය පෙර මගේ ලෝකයේ…
වෙන්ව ගියේ අපි පිනක් මදිවී නොවේ…
ඇය මවක් වී… අද ගොඩනැගූ ලෝකයේ…
ඇයත් ඔබවත් හදවතින් මගෙ වගේ…

දුර ඉඳන් හිතතුටින් ඉන්නම් බලා…
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසාආආආ…
මා නොදන්න මාගේ දුවනී…
මා නොදන්න මාගේ දුවනී…
අපගේ හීනේ හැඩකෙරූ කුමරී…

හිතෙනවා මමත් පියෙකුවුවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ…
කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ…

ජීවිතේම නැවතිලා | Jeewithema Nawathila by Mihindu Ariyaratne

ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා
ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා

ලුහු බැඳ ගිය හීන එක පිට එක
ඇස් ඉදිරිපිට ඉදිරිලා
අළු සුඟක් සේ විසිරිලා
හුදෙකලාවේ ගුහාගත වෙලා
මුළු ජීවිතේම නැවතිලා

සුලඟ යයි එදා වගේ විඩා නිව නිව හිතු අතේ
කුරුළු කැල එදා වගේ ගී නදින් මත්ව නිදහසේ
උනුන් බදා වැළඳ තරව
ආත්ම රාගයේ වෙලී හිඳින
ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඒ මහා මිනිස් කැල හිර වෙලා

ඉර නැගෙයි එදා වගේ මල් පුබුදා මිටියාවතේ
ගඟ ගලයි එදා වගේ සඳ කැන් දහරේ දුර ආකහේ
ලේ කඳුළු සිඳී ගිය
අවතාර සේ දහවල ඇවිදින
ඒ මහා මිනිස් කැල හිර වෙලා
ඒ මහා මිනිස් කැල හිර වෙලා

ජීවිතේම නැවතිලා
මුළු ජීවිතේම නැවතිලා

ලුහු බැඳ ගිය හීන එක පිට එක
ඇස් ඉදිරිපිට ඉදිරිලා
අළු සුඟක් සේ විසිරිලා
හුදෙකලාවේ ගුහාගත වෙලා
මුළු ජීවිතේම නැවතිලා ////