අද හෙට ඔබ මා | Ada Heta Oba Ma by Milton Mallawarachchi

අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

ඔබ රවටා නැත ඔබ හඬවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි

අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

යොමුවී වෙනතක ඔබ තනි වූ දින
තනියට සිටියේ මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා

අද හෙට ඔබ මා
අත හැර යන බව
දන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

රණඹර ඉඳු දුනු | Ranabara Idu Dunu by Milton Mallawarachchi

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..

ඇගෙ ළැම රන් ගිරි දෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..

ඔබ ගාව මම | Oba Gawa Mama Innemi by Milton Mallawarachchi

ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල්වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි

මිණි සේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළඳේ

මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවී
අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි