මන්දාකිනි | Mandakini by Hiruni Prabha x Miran Archana [2022]

මා දුටුවා
නිවි නිවි දිලෙනා
එක තරුවක්
අවපස අහසේ
මා හඬනා බව දැකලා තනිවී
අඳුරේ
පෘථිවි තලේ

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

වළාකුළු වියන් තනා අපට සුභ පතා
තුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේ
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
අනන්තය දිහා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

මදු පෙරා ස්වප්න ගී කනට කොඳුරලා
සීත මීදුමෙන් වෙලා මගත පුබුදුවා
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
සිහින ලොව පුරා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

written by Sudesh Jayantha Fernando

දැනුනා මා | Danuna Ma by Bhashi Devanga ft. Miran Archana [2021]

නුඹේ පෙම් අහින්සක හිනා
දැහැනේ හද මැවෙනා
ඇගේ පෙම් අහින්සක සිනහා
මුමුනා
රහස් මුමුනා
ඇගේ පෙම් අහින්සක සිනහා
දැනුනා
හිතට දැනුනා
දැනුනා මා ආදරියේ
මා ආදරියේ

නුඹේ දෙනුවන් අතර හැංගී
ස්රුංගාරී ස්රුංගාරී
ඔව් අද මාසේ මුව හා
දෙනුවන් හිනැහී ස්රුංගාරී

දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා

මගෙ හිත පාවී නිතරම
රහසේ ඉන්නම් ආලේ හිත හොයලා
දෙසවන් නෑසේ තනියම රහසින් ඇවිදින්
ආයේ කතා කලා

දැන් දැන් ඈ ලග හීන මත් වුනා
සන්සුන් නෙත් දැන් ඈව සොයනවද
ලංවී සෙනෙහෙන් ඉන්න හිතෙන්නයි
මා කල් ගෙවනා
ආදරියේ
ආදරියේ
නුඹේ දෙනුවන් අතර හැංගී
ස්රුංගාරී ස්රුංගාරී

ඔව් අද නෑසේ මා හා දෙනුවන් හිනැහී
ස්රුංගාරී
දැනුනා
දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා

දෙනුවන් ඈ හා දිලිසෙනා ඒ
කාගේදෝ කියලා
මා හිත නැවතී තනිවී ආදරේ ගැන
පාඩුවේ හොයනා
මගේ හිත නැවතී තනිවී
මගේ හිත නැවතී තනිවී ලා