රට කරවන්ට නම් | Rata Karawannata Nam by Nanda Malani

රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු හෝටලයකට

රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

අහස සේ ඔබ | Ahasa Se Oba by Nanda Malani

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි…ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ…
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..

දන්සල් දොරෙහි | Dansal Dorehi by Nanda Malani

දන්සල් දොරෙහි නැත යදියෝ…
සල්පිල්වලය පුරවැසියෝ…
පන්සිල් රකිති මැරවරයෝ…
මේ කේතුමතී නුවරයි…

නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ – මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දස රද දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
මැරුණත් මේ පුරේ – මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම් බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ – මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here