සොබනා | Sobana by Ridma Weerawardena [2023]

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
දනිමී පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවදයි කුමුදිනියේ මගෙමයි
අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

written by Nisal Gamage

යන්නම් | Yannam by Nisal Gamage [2023]

දුරින් පායනා සඳ වගේ පෙනෙනවා
තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා
දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා
තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා

ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ

යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා

නෙතින් වේදනා තව කඩා හැලෙනවා
මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා
යලිත් මා සිතා එන තුරා හිඳිනවා
හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා

ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ

written by Nisal Gamage

මං නාවොත් | Man Nawoth by Sahan Chamikara ft. Pasan

සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලා
පලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලා
හමුවෙන්නෑ අපි ආයේ
නොදැනේවා සංතාපේ
හිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

නැවතීලා සමුදීලා තරු යායෙන් මා මිදීලා
සැනසීලා මුහු වීලා සුළඟේ යන්නම් පාවීලා
හමුවේ නම් සංසාරේ
සමුගන්නම් මේ යාමේ
පලඳින්නම් ඔබ මාගේ වී ගොතනා කඳුලැල් මල් මාලේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

තනිවී තනියෙන් මං ගාවා නොහඬන්න දරාගන් ආ දා
කඳුලැල් හුරු නෑ ඔබ දෑසේ පානා
අමනාප නොවෙයි ඔබ මා හා සෙනෙහේ ආදර මල් පාලා
හිත අල්ලාගෙන මං ගාවින් ආවා

written by Nisal Gamage

සීමා | Seema by Kanchana Anuradhi ft. Rivindu [2022]

මොහොතක් දැවටී මාව සිඹිනා
සුළගක් ඇවිදින් මා සොයා
හුරු වේදනා සාදලා
දුර යාවී දැන් මා දමා

නොරැදී බිදුවක් ඈත ඇදෙනා
නුඹගෙන් සැනසුම් කෝ කියා
හිත පෑරෙනා රෑ පුරා
තාමත් මං හොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලුම් සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
හීනෙන් පුරා
ඔබ හා මා

රිදවූ මතකේ දෑස වසලා
කදුලක් ඇවිදින් මා සොයා
මගෙමැයි කියා කී කතා
දෙසවන් මත ඇහෙනවා

යහනේ තනිකම් හීන රිදවා
ඇවිලේ සුසුමන් මා දවා
හිත පෑරේනා රෑ පුරා
අරුතක් මං සොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලූ සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
ඔබ හා මා සිසාරා සිසාරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

Written by Nisal Gamage

Kanchana Anuradhi new song , Kanchana Anuradhi song , seema kanchana anuradhi , kanchana anuradhi age , kanchana anuradhi hair , kanchana anuradhi photo , kanchana anuradhi boyfriend , seema kanchana anuradi song lyrics

අසීමාන්තික බැඳීම් | Aseemanthika Bandeem by Nisal Gamage [2021]

අසීමාන්තික බැඳීම්
සීමා සහිත වී
මා දවයි මා දවයි
බැඳෙමින් බිඳ වැටී
බැඳෙමින් බිඳ වැටී

අසීමාන්තික බැඳීම්
සීමා සහිත වී
මා දවයි මා දවයි
බැඳෙමින් බිඳ වැටී
බැඳෙමින් බිඳ වැටී

ඉක්මවා යා නොහැකි තැන් පිරුනූ
විසඳුම් ද නැතිවූ…
නික්ම යා යුතු වුවද දැං සැඟවූ
මතකය ම ඇවිලූ…
නොදැනුවත් හීන ප්‍රාර්ථනා ගොන්න
වාලුකාවෙන් වසා තියා යන්න
කාලයක් ආලයක් වුනා සේ සතු..

එක්ව ආ ගිය මගද දැං ඇහිරූ
දූවිල්ල මත වූ..
ආදරේ පා සටහනින් අසමූ
මතකයට නගමු..
වේදනාවන් පිටාර දී උන්න
වාර පාසා ම හේතු සැනසෙන්න
මාවතක් ප්‍රේමයක් වුනා දෝ මතු