ඔබෙන් තොර ලොවක් | Oben Thora Lowak by Mihindu Ariyaratne [2020]

පියා නෙතු පියන්
තිබූ අවසරෙන්
රුවක් ඇදෙනවා
යලි යලිත්

මිලානව ගිහින්
තිබූ මතකයන්
කොහේදෝ ඉදන් ‍යලි ඇවිත්

නවාතැන්පොලක් සොයා ගිය
විඩා වැටී තනිවූ හදවතක්
සිනා සෙන්න බෑ අදත්
හඩා වැටුනු හැටි
මතකේ තවත්
ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

බිතු සිතුවම් වාගේ
නොවෙනස් වෙන්නට
පැතුවා සේ
කවදාහෝ ආයේ
හමිවේදෝ නෑ මා දන්නේ

ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here