ගගනගාමි | Gaganagami by Ayeshmantha, Tikx Kooda

හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේ
හොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේ
කලුවර වළාකුලේ රිදී ඉරි හොයන්න
ඒවා එකතු කරන් මගේ කතාව ලියන්න
හිනාවෙන්නයි මට ඕනි
වෙනස් කරන්නේ කෝණේ
බලන්න දිහා ලෝකේ
හිනාවත් එක්ක ශෝකේ
පුදුමයි ජීවිතේ
විඳින්නයි ඕනේ
තරඟයක් මම දැන් යන ගමන පැහැදිලි
තාමත් මතකයන් එක්ක තැවෙන් නෑ දැන් රැවටිලි
මොන තරම් ලෝකේ බාධක
යන්නේ ඇති පාරක
කළුවර පාරක එළියක් හොයන් මම හොයන්නේ
අලුත් ගමනක් පටන් ගන්න එන්න
හීනත් එක්ක පාවී දුරට යන්න
ලැබෙන්නේ එක වතාවයි තීරණ ගන්න
හිනාවෙලා බාධක මැද්දෙන් හීනෙට යන්න

මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනාවේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ

සීතල රෑ මගේ ලෝකෙ පියඹන්
වේදනාව නිමවෙන්නේ නැති නම්
දරාගන්න හිතුවා මන් මෙතරම්
හිනැහෙන්න ඕනි මට වේදනාව පරදන්
හැමදේම වෙන්නේ හොඳකටයි ඒත්
හැමදේම අපිටමයි වෙන්නේ හැමදේ
ගතවෙන්නේ දින ජීවිතේ
එක දවසක මේ හැමදේම නිමවේ
අමතක කළා මන්
නපුරු මතක එක පෙළට අතුරන් යේ
සතුට ගැන හිතුව මන්
හොඳ දවසක් ඒවි කියා සිතේ අදනම්
සඳ නැති රෑ
දහස් ගනන් තරු තිබුණට ඵල නෑ
අහසක සිත තනිවෙන මේ රෑ
විඳවීම ගැන කවි ලියනවා තව සිතුවිලි නෑ

මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනාවේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ

written by Tikx Kooda, Dewdu H Karunarathne, Oneesha & OOSeven

රතු ඇස් | Rathu As by OOSeven [2022]

තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසිකලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

මේ ඇස් විනිවිද දකින්නේ මිනිස්සු ගැන
ලෝකෙක අපි හතරැස්
අපි යන ගමනේ මේ ජීවිතේ අතරමගදී
හමුවන්නෙම ඔරවන රතු ඇස්

හරි අවදානෙන් ඇවිදින්නේ
මං හරි වෙනස්
වෙලාවට අතාරින්නෙ රැප් කවි වස්
මේ අනාගතේ ගැන අපි දකින්නෙ දිවැස්
පටන්ගත්තේ විහිදෙන්න රැස් හිඩැස්

තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසිකලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

සීමා රහිතයි
කොන්දේසි සහිතයි
මේ ජිවිතේ සංගීතේ මදුවිතයි

හදවතින් ගැලපෙන අදහස ගලපන්නේ
වචන වලට සීමා විරහිතයි
අලුයට ගිනි ඇවිලෙන රස්නෙට
පන එන මට මේ සීතල යුද්දේ

ආසයි අහන්න මැරෙන්න කලින්
අපි නිසා කැලබුන හිත් වල කෝ සද්දේ

තනියම තනිකම පරදන
මුලු ලෝකෙම අමතක කලා මං
තාවකාලික සැප පිලිබද අදහස
අහකට විසිකලා මං

ගිනි ඇවිලෙන සුලු හිත
හිත මගේ ඇවිලෙන විට
අවනත කලා මං

කවදද කැමතිම හීන හැබෑ වෙන්නෙ
මේ නපුරු සිහිනය අවසන්

written by OOSeven

මගේම ලොවක මං | Magema Lowaka Mang by OOSeven

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

නිහඬ බව හොදම පිලිතුර
දැවෙන හිත නැතිකරා මෙහෙ ඝනදුර
සාමකාමීබව නැතිකලා විසෙන් විස නැසීම අවසාන වටය දැන් පේන දුර

මම දන්නැ කවදද සුභ නැකත
ලැබුනා දෙවනි වතාව මට නැවත
හැම හවසම හීන ගැන කතිකාවත
මම යන ගමන පැහැදිලි දැන් මාවත

මැරෙන එක ලේසී මිනිස්සුන්ව තේරුම් ගන්නයි අමාරු
මම සංවේදී වගකිව යුතුයි සමහරු
වටිනාකම නැති තැනක රැදිලා කරපු දේවල් ගැන ගැහුවේ නෑ කයිවාරු

ආදර ගීත ගෙනාවේ නින්ද
බලිකුරුටු ලස්සනයි මම හිතේ ඇන්ද
හීන ගොඩක් ඇති යටි හිතේ සිතුවම් වෙලා ඒවා බලන්න ගන්න ඕනී සුව නින්ද

වෙනදාට වඩා වෙහෙස දවසක් අදනම්
කලු වලාව අරන් එන්නේ වැස්ස තෙමෙන්නේ මං
හුරුපුරුදුයි කැස්ස මටනං
මගේ නිදහසේ මං
බාධා කිරිම තහනම්

සදාකාලික නැ තාවකාලික මේ ලොකේ හදන්නේ මාලිග
අහස උසට යන්නම ගෙවන්නේ ණය වාරික
සරල චරිත සැහැල්ලු කරයි ලොකේ සාදේක
මදාවික නැවක මම නාවික

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

ඇතුලේම ගිනි නොපෙනේවී පිටට
දැවෙන ගිනි නියගය වගේ හිතට කැපුවා ඉනී
දෙන උපදෙස් ගගට සමනයි
කම්මැලිකම වැටෙයි මං මහ මගට

මං පුරුදු වුනා දේවල් කනපිට දකින්න
නිහතමානී චරිත වලට ගරු කරන්න
සමජේ ඇසුර ගැබුර දැක්ක දේවල් මදී
ජීවිත ගමනේ හදිසි තීරණ නොගන්න

දැන් මාව ජීවත් කරවන්නේ සද්දේ විනෝදේ
වෙනම ලොවක සතුට සංගීතේ
හුදකලාවට ප්‍රිය කලා බොහෝ සේ
හිත කැමති නම් දෙකක් Valentina,Rossy

Rap විතරයි ලංකාවේ අන්තිම කැමැත්ත
අපි ආවා ආයේ ඇයි කැමති නැද්ද
අහන්නේ ආසාවේ දන්නෝ දනිති මං ගැන
මං ගත්තේ හැමෝගේම හදවතේ මැද්ද

written by OOSeven

සියලුම ඇස් මා වෙත | Siyaluma As Ma Wetha by OOSeven [2022]

සුබ ගමන් මං තාමත් ගමනේ
පාරාදීස දූපතේ වැසියන් රමනේ
පරදේස වසංගත එක්ක තාම සටනේ
මේ හිතත් එක්ක සටන ආලවක දමනේ

අත්පොලසන් මං වෙනුවෙන්
හැමදේම අනුව දැන් මේ තනුවෙන්
කැපකලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට යන්නෑ කවදාවත් තනුවෙන්

ඔව් මාත් ගොනා වික්කා
වෙනස් උනා මිනිස්සු හිත රිද්දා
දුවන්නේ වේගෙන් තරගෙට ඇස් දෙකෙන් දැක්කා මේ අවසාන ඉත්තා බුරන්නේ මට බල්ලෙක් වෙලා හෙමින් බලු මැක්කා

අනුන්ට දුන්නා උපදෙස්
කැපුවා ඉනි ගගට ගානට හිසකෙස්
වැදි රජා ඉදිරියේදි මං මනමේ
අසරණ උනා මේ හිත නිකෙලෙස්

ඔව් මෙකත් නැත්තන් කන්න වෙන්නෙ පස්
හෙමින් කඩන් වැටෙවි මුල හයිය නැති ගස්
නිකරුණේ මං ගෙවා දැම්මා දින ගනන් දාස්
කතාව පටන් ගත්ත විදිහ නෙමෙ දැන් වෙනස්

මං ආරාධනාවක් කලා ගලන් එන්න පද පේලි එකදිගට මායාවෙන් ගැලපේවී
මං මායාවක් කලා
අත්බුතයි මේ Genie මේ ලොකේ මදාවි එක්ක ඉන්නේ නුලෙන් බේරී

දැන් ලා ල ල ලා
පවට පින දෙන්න බැ දැන් මට
දුරගියා වැඩි වහගන්න කට
හරි වේදනයි මට
අමතක මතක නවති පොලවට යට

මං එන්නම් හරි තැනදි අල්ල ගන්න බැරි දුර හීන එක්ක නැවතී මේ නැව අරන් යන්නේ දිසාවටයි මම කැමති
සුබ උපන් දිනක් මට වෙනස් උනා හරි තැනදි

ආ බලන් ඉන්නෙ අවදානෙන්
ආ මියදෙන්නේ සාමදානෙන්
ආ හිතේ ඇති අවසානේ
සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්

ආ බලන් ඉන්නෙ අවදානෙන්
ආ මියදෙන්නේ සාමදානෙන්
ආ හිතේ ඇති අවසානේ
සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්

Written by OOSeven

පාරාදීස දූපත | Paradisa Dupatha by OOSeven [2022]

මේක විස මලකින්
හටගත් පරාගනයක්
දිය නොවෙනස් උන
භාජනයක්

ආ කිව්වා
සුබ අනාගතයක්
වෙන කලින් දැක්කා මං
සමූල ඝාතනයක්

පැල කලා
පිළිල හැම තැනකම රටේ
දැන් තාවකාලික පැලැස්තර
ගහලා ගැටේ
දත් හැලුනා සිංහයාගේ කටේ
දාලා යන්න ලෝබ කමේ
තව කාපන් මුතු ඇටේ

කරුම ගෙවනවා
හිර වෙලා දූපතක
ඉපදුනේ නැති උනුත් ණයයි
මේ දූපතට
දායාද කලේ උන් අන්ධකාරේ දූපතට
සාදරයෙන් පිලිගන්නවා
පාරාදීසේ දූපතට

තිස් වසරක යුද්ධයකින්
බැට කෑ
නිතරම ඉතිහාසේ
වංශේ කබල් ගෑ
ආගම් වාද
ජාති වාද
මැද්දේ කුලල් කෑ
දැන් උන් වෙන දූපතක්
හොයන් හබල් ගෑ

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

කිරි නැති තන පුඩු
කතා කලා ඇස් රතු
බඩගිනි වෙලා පාර දිගේ
දරදඩු
කරගෙන හිත අරගල
කලා කතුන්
හිටන් ඉද්දි රිදෙයි පතුල්
එලවන්න ගෙරි සත්තු

ප්‍රාණගාත බේරෙයි කෙල තාම
රස මිනී මස් වල
තාම දන්නෑ කවුරුත්
අතීතේ වුන දේවල් ගැන

ගාව ගන්නෑ ලේ
අත් වල කුණු අවුස්ස ගන්නෑ
කවුරුත් පරණ තුවාල පාරගන්නෑ
කුවේණිය බඩ උනා
පිටින් ආපු එකෙක් රජ වුනා

උන් අපෙන් කාලා තර වුනා
අපේ සල්ලි අභ්‍යාවකාශ ගත වුනා

මල පරවුනා අපේ උන්ට හික වුනා
කකියන ලේ පරද්දන්න
තටු කපලා බැලුවා
මේක නවත්තන්න
කාලේ මදී කරපු පව් ගෙවා ගන්න
අපායේ දොර ලග සාම දානෙ සැතපෙන්න

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

චිලි | Chillie by OOSeven & BEE [2022]

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්
දැන් හදවත නෑ විනෝදෙන්
මවපු හීනෙක මා වියෝවෙන්
තනි වී දැන් ඈ වෙනස් වී
නොහඳුනනා සේ දුරස් වී
හිඳිනු කෙලෙසද මා දුරස් වී
මතක නෑ අපි ළඟ හරස් වී
දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා .. ම්… ම්…
දැනුනා .. ම්… ම්…
දැනුනා මා හට ඔබේ සිත දැනුනා

කියාගන්න බැරි දේ තිබුනා හිත යට
හිනාවෙලා දින ගෙවී ගියා ඒවා මතකද
දැනුනද අමතක වෙනවද
මං කියන්නම් ඒ හැමදේ අහන් ඉන්නවද
ඇමතුමක් එනක් මං හිටිය බලන්
කෙටි පණිවිඩයක් මට සතුට අරන්
ඔයා නැති කරා පාලුව හිටපු ගමන්
අපි තනි වුනා ලෝකෙක හීනය මවන්
මාව අරන් ගියා වෙන ලෝකෙකට ඔයා
කිව්ව රස කතා පැණි වගේ කනට ගියා
හිනා වුනා අපි හැම රෑම තිත නොතියා
දුකට මගේ ළඟ ඔයා ඉන්නවා කියා

ගෙවුනේ නෑ දවස් මං ගෙවාගත්තෙ බලෙන්
දැනුනේ නෑ තවත් රිදුනේ පිලිතුරෙන්
මං තාමත් ඉවසනවා ඈතට යන්න මගෙන්
රිද්දන්නේ නෑ හිතලා රොන් ගත්තේ නෑ මං මලෙන්
හැම වෙලාවෙම බලන් හිටියා
මං හැම මොහොතෙම
තවමත් වැදගත් හැමදේම හැම වචනෙම
හැම කතාවම
අහන් හිටියා මං පලක් නෑ දැන් හැමදේම

වෙනස් නොවෙන තීරණේ ඇතිවෙන් නෑ ආදරේ
මාව වෙනස් කරන්න එපා කියලා දැන් ආදරේ
මං තනියෙන් ලියන්න පටන් ගත්තේ
මේ කතන්දරේ
මං නොදනිමි අදහස ඔබේ ඇති මගේ රේ
වැහිබර වළාකුලු අතරින්
ඈ හා සීතල දවසක අපි පියඹූවා
ඔබේ සිත ඔහු ළඟ තනි වූදා
තනියට තනිකම යලි හිමි වූවා

ඒ මතකය මා මුලාවෙන්
ඈ නොදුටුව දාක ශෝකෙන්
දැන් හදවත නෑ විනෝදෙන්
මවපු හීනෙක මා වියෝවෙන්
තනි වී දැන් ඈ වෙනස් වී
නොහඳුනනා සේ දුරස් වී
හිඳිනු කෙලෙසද මා දුරස් වී
මතක නෑ අපි ළඟ හරස් වී
දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා දැනුනා දැනුනා
මා හට ඔබේ සිත දැනුනා

දුරකථනයේ ඒ කතාවෙන්
හිත සැනසුන ඒ හිනාවෙන්
ඇසේවිද නෑනේ එදා මෙන්
නොසිතුව සේ ඈ ගියා මෙන්
දැනුනා .. ම්… ම්…
දැනුනා .. ම්… ම්…
දැනුනා මා හට ඔබේ සිත දැනුනා
(ශෝක් නේ)

හුදකලාව | Hudakalawa by OOSeven [2022]

හුදකලාව සමානයි පිහි ඇනුම
හොඳ කරලම අහන්නෙම බැනුම
ඇයි හදවතින් ගත්තේ තීරණ
වරදින බව දැනගෙන අහන්නෙම බැනුම

තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
මගෙම පැමිණිලි තනියම විසඳන
නොගැලපෙන නම් ගලපන
හොයන්නේ මග ගැලවෙන

අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
තරු කඩන් වැටෙයි අහසින්
හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්

ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
හදවත ගඟක් පතුලටම බැස්ස
නවතිමි දවසක හැමදේම දැක්ක
තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක

මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
කරා මං පමනට වඩා කතා දැන් ඇතී
කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට

හිනාවයි වැදගත් මට කවදත්
එදා වගේමයි අදත් මම තවමත්
මිතුරොත් වැදගත් හමුනොවුනත්
අමතක නොවෙන මතක හැමදාමත්

මම කිව්වා ගී මකාගන්න තනී
වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
සීතල රැ තාම නැත නිමවී
ඇසේවිද ගයන ගායනාව සොදුරී

මම හොයනවා මාව හැමදාම
නැතිවෙලා නැ තාමත් වැරදීම
මටත් හීන තියෙනවා ඉවසීම
පරන කතා ඉවරයි තිත නැවතීම

අද හොඳ දවසක් | Ada Hoda Dawasak by Drill Team ft. BEE & OOSEVEN

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මං බාර ගත්තා හැමදේම දුකින් බැඳී හිතට කලා මං ප්‍රේම
නපුරු හිත මෙල්ල කරන ඉවසීම වැඩිවෙලා ඔලුවට අත සේදීම
සීමාව තියෙනවා හැමදේකටම දරාගන්න බැරි වෙන තැනකදි දැන්
හිතට වහල් නොවී තමන්ගේ චරිතෙට අනුගත වෙන්න බලන්න හදන්නෙම දැන්

bang bang bang
මගේ වෙනස දරාගන්න බැරුව දැන් ලතවෙනවද
ලග හිටි අය නැතිවෙනකොට දුක හිතට වගෙම ඇසට කඳුළු එනවද
සියදිවි නසා ගැනිමද පිලිතුර හිතුනම තනිවෙන්නෙ මට මම විතරද
නතර වෙනවද ගමනට තිත තියලා සතුටු වෙනවද දුක් වෙනවද

හැමදාම හැමදේම මාගේ ලොකේ හීන
ඉවසීම නැනේ තාම පාවදීම මැද කඳුළක් ඇති සතුටක් නැති ජීවිත නීම වීම
ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න මැදම ඉරනම මගේ විසදීම
අවසානය නතර වෙන්නෙ එක තැන සාමදානේ සැතපීම සැතපීම

විහිලුවකි බොලඳ ආලය විසඳුම පලායාම නෙමෙ හිඟාකැම නෙමෙ අද
හිතට තට්ටු කරගෙනම ඇහුවා තනියෙන් මං මොකක්ද විසඳුම
උබ ඉන්න ඕනී මේ කතවේ උබ තමා වීරයා උබේ කතවේ
හිත කිව්වා මට අද තමා ඇරබුම වෙන්න එපා නැවතුම උබේ කතාව මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

KNOCKOUT by OOSeven [2021]

ඇදටම දියවෙලා යයි හීන
නැගිටින්න පෙර වෙර දරනවා තාම
ලග ඉන්න අය මාව දැක්කා රගපෑම
පලදින්න ඔටුනු සුදුසු නැහැ තාම

පැරදුම අවසානය නම්
අවදානම මැද අවදානය මං
මානය මැන කාලය රන්
වට්නවා නම් හීන වල ජීවත් වෙන්නෙ මං

අපි හොයන්නේ වෙනස ගලන වචන මැද
අපි දකින විදිහ මේ ගින්න නිවන විදිහ සබද
මැද එන්නෙ අරගෙන හියන්න නෙවෙ ඇද

නැලවිලා යං අපි වාගේ
නොනවතින මේ රැප් සාදේ
තරමට මත් වුනා වාගේ
මට සිංහල රැප තැබෑරුම වාගේ

මට තව දවසන මැරෙන්නේ හීන එක්ක
නෙවෙ මම
දවසක හැබෑ වෙන්නෙ කදුලක රස නෙවෙ
දකින්නේ දැනෙන්නේ හැගෙන්නේ මටම මගේම කියා
දේ නැති වෙන කොට ඒවා මගේ නෙවෙ
සුරංගනා කතා වල වීරයා
මගේ ලෝකේ හතර වටේම දැන් පේන මානයන්
වල නවතින් වෙනසට හැමදාම ගරු කලා මං

මාව අමතක කාටද | Mawa Amathaka Katada by OOSeven [2021]

අමතක මට කාවද
මාව අමතක කාටද
බලන් ඉන්නෙ ඇස් ඇරගෙන
වෙන්නෙ මොනවද
නැතිවෙන්නෙ මට මාවද

රසවින්දනේ ආවද
කලුවර දැන් බිලිගන්නෙ කාවද
බලන් ඉන්නෙ ඇස් ඇරගෙන
වෙන්නෙ මොනවද
නැති වෙන්නෙ මට මාවද

අකමැත්තෙන් නෙමෙ
කැමැත්තෙන් කරන්නෙ මේවා
මන් ගැන දන්නේ දින්පොත හොදටම
පෙරලලා බලන්න දෙවැනි පිටුවට ලියා ඇති
මම අකමැති දේවල්
හිතනව හැම තිස්සෙම
මොනවද ලැබුනෙ
අවුරුදු හතරක් තිස්සේ
ලැබුනේ හොද හිත
ගොලු වෙන්නේ කට මගේ කියන්නෙ හැමෝම වගේ
උබ දැන් පිස්සෙක්
ඇයි යන්නෙ දඩවතේ
අරමුනු නෙමෙ දකින්නෙ ම්න් හීන
කෝ උබේ අනාගතේ මන් දන්නේ නෑ
වෙන්නේ මොනවද පල දේවි මට පින

කන්න සීතල කෑම
ඇගේ වැඩි උනුසුම ඉතින් මගේ හැම රෑම
වැටුන උගුලට මාව පටලලා
ඇමට කරන්නෙ සමහරු බිලිබෑම

අමතක මට කාවද
මාව අමතක කාටද
බලන් ඉන්නෙ ඇස් ඇරගෙන
වෙන්නෙ මොනවද
නැතිවෙන්නෙ මට මාවද
රසවින්දනේ ආවද
කලුවර දැන් බිලිගන්නෙ කාවද
බලන් ඉන්නෙ ඇස් ඇරගෙන
වෙන්නෙ මොනවද
නැති වෙන්නෙ මට මාවද
අපි යන්නෙ තනි පාරක
දෙපස පිරිලා මාරක
තනියම හදාගෙන යන මාවත
කටු පඩුරු මතින් දිනුම මන් ගාවට
අවසර රතු පාවඩ
ස්තූති කතාව කරන්න අවසරද මාහට
අමතක මට කාවද
හැමදෙන හිතෙ

ගැබුරේ රැදිලා රතු පාටට
හැමදෙන හිතෙ
ගැබුරේ රැදිලා රතු පාටට
ඉර ගාවට
යන්නම මවන හීන
පිච්චිලා අලුවෙලා
අපි පටන්ගත්තෙවත් නෑ සෙල්ලම
හැසිරෙන්නෙ හිතන්නෙ දින්නා වගේ