නුඹ හා | Numba Ha by Dilu Beats [2023]

මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
මගෙ අඳුරට නුඹ සඳ වේවී
නුඹ වෙත මගෙ රහස ඇසේවී
සඳ අද මගෙ අහසෙ දිලේවී

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

written by King Lotuss

හදිස්සියට උගස් තිබ්බ | Hadissiyata Ugas Thibba by Damith Asanka

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

සින්නකර අයිතිය අපි දෙන්නාගේ
උගස් තිබ්බේ ඔබට නොදැනී සීරුවේ
අයිතිවාසිකම් කීවත් පෝරුවේ
පිං කරලා මදි අපි නම් පූරුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

කාසි කැටේ එකතු කරත් කාලයක්
අපිට කොහෙද රංකහවණු කෝටියක්
පාන්දරට ඇහැ නොහැරෙන හීනයක්
දකින්න බෑ හීන කඩේ හොරු අරං
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ