පදුරු පදුරු ගස් | Panduru Panduru Gas by Chamara Ranawaka

පදුරු පදුරු ගස්
මොණරාගල මල්
තනමල් විල රේණු
නිහඩව රොන් ටික
උරන්න යන බඹරුන්
දැක්කද යාලු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද
කියන්න දන්නෑ ලු
නොදැක්ක ලෝකය
තොල්පෙති අතරේ
මුමුණන්නෙපාලු

පදුරු පදුරු ගස්
මොණරාගල මල්
තනමල් විල රේණු
නිහඩව රොන් ටික
උරන්න යන බඹරුන්
දැක්කද යාලු

මැරකම් ජඩකම් ක්ෘර සමාජය
තවමත් ලෙල දෙනවා
මුව හසරැල්ලෙන් තවත් ටික දෙන්ක්
සාම ගමන යනවා
ඔවුන් පෙළෙන්නට
කොනක තියන්නට
තව අය මුල් වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත්
රස්තලා රජ වෙනවා

පදුරු පදුරු ගස්
මොණරාගල මල්
තනමල් විල රේණු
නිහඩව රොන් ටික
උරන්න යන බඹරුන්
දැක්කද යාලු

හෙට දවසක් ගැන ආඩම්බරයෙන්
උගතුන් මුමුණනවා
තණ අග පිනිබිදුවකි
අපේ දිවියම මුනිදුන් පවසනවා
පුංචි පැලෑටිය සුන්දර මිනිසුන්
දකින්න ලං වෙනවා
කවුරු කොහොම
මුළු ලෝකෙම කිව්වත්
රස්තලා රජ වෙනවා

පදුරු පදුරු ගස්
මොණරාගල මල්
තනමල් විල රේණු
නිහඩව රොන් ටික
උරන්න යන බඹරුන්
දැක්කද යාලු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here