යන්නෙ ඇයි | Yanne Ai by Tehan Perera [2021]

තවමත් මතකයි
මගේ පපුවේ
හාදුම තියලයි
හිස තැබුවේ

හැමදා විදිනා
උනුහුමේ
තනිවෙලා මං හැඩුවා

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

පැතුමන් පිරුවා හිත පතුලේ
රැජිනිය කරලා
පොඩි පවුලේ
බිලිදා සොයනා සෑමදේ
දෙන්න බෑ මට තනියේ

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

රතු මල් ගවුමේ | Rathu Mal Gaume by Malith Perera [2007]

රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ.. ඔබ නවතිනවා…
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ.. ඔබ නවතිනවා…

දඟ නොකරන්නම්..සනසන්නම්..
ළමැදේ..ඔබ සතපන්නම්..
ඔබ මා..ළඟ ඉන්නවනම් රත්තරනේ..
මං හරි ආදරෙයි..එහෙනම්..
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…

පින් බිංදුවක් ගෙනල්ලා..
මුතු කොට්ටයක් සදාලා..
සත්තයි ආදරේ..කියා..
සුවසේ..සිරි යහනේ , මා සතපනවා..
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…
රතු මල් ගවුමේ දැවටිලා..
සුළඟින් පාර අසාලා..
සත්තයි ආදරේ..කියා..
සිහින ඉමේ..ඔබ නවතිනවා…

 

මහමායා | Mahamaya by Supun Perera ft. Charitha Attalage (Reprise Version) [2019]

නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා..
පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා..

කම්පා නොවන් සඳ මහාමායා..කුමාරයා හැරදා ගියා..
තුන්ලෝ උතුම් බුදු පදවි පතා..
කුමාරයා හැරදා ගියා

මහාමායා…

රුදු සසර ගිනී – බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී – වැසි වසිනු වැනී..

අඩුවක් වුනාදෝ ජීවිතේ – ඉසුරින් පිරී මේ මාලිගේ
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ – හැරදා ගියේ ඇයි මාලිගේ..

සදහම් අමා වැහී හෙලනා රඟේ
නොසැලී බලන් මහාමායා…
සසරින් මිදී පුතූ වඩිනා රඟේ
නොසැලී බලන් මහාමායා..

මහාමායා… මහාමායා…
කම්පා නොවන් මහාමායා…
මහාමායා… මහාමායා…
කම්පා නොවන් මහාමායා…

 

නුරා වසන්තේ | Nura Wasanthe by Nadeemal Perera ft. Pasan Liyanage [2019]

අදුරේ ගිලි තනි වීලා මෙසේ
නඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතිතේ එදා
බිදුනාට මනිමේකලා
පිලිගන්නේ මා නුබ සීතාව සේ
හද මන්දිරේ සරසලා

ගංගා තරංගා පරදන්න එපා
ඔය දැස කඳුලින් තෙමා
පාවී ගියවේ අතිතේ කතා
සැඩ මරුතේ රැලි හමා

නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා

ඔය දැසේ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා

සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා
බවයෙන් බවේ එන්න මතු ඉපදෙනා සන්සාර පතිනියවෙලා

ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා