චම්පා | Champa by POP PUNK [2018]

අඳුරේ නොපෙනෙනා සැඟවූ ඒ චායා
කඳුලේ තැවරුනා
සිහිනෙන් රූ මවා සුසුමන් සෝ දවා
නොපෙනෙන දුර තබා
රුව දෙව්ලියක සේයා ඈ හංසියකි මායා
සිත සනසයි ඒ දැකුමන් පවා
ඒ දිස්නයක සේයා හද රශ්මියක ගාවා
මා සනසයි ඒ ගී ගායනා

ඒ සිල් ගත්තු හද ගත්තු ඔබෙ රුවම
මම මත්වූ ආදරියේ බොළඳයි ඔයා
මේ මනමාල සුකුමාල ඔය දෑස
මට බාර මියුලැසියේ සනසයි ඔයා

විඳවන්න සංකා දාගෙන විදුලි පංකා
මහ ගෙවල් හික්කා තිබ්බ ඉඩම් වික්කා
වැටෙයි මට ඉක්කා පනියිද මගේ හක්කා
පෙට්ටි ගණන් ට්‍රන්ක
උඹට ලියපු ලියුම් එකතු කරලා
කඩලා කඩේට මං වික්කා කලා අනුකම්පා
උනේ භූමි කම්පා හැදුනේ සරම්පා
ලවු කෙරුවේ ගම්පහ පඳුරු අස්සේ රම්පා
කෙල්ල මගෙ චම්පා මස්සිනා සම්පා
විකුණන්නේ පොම්පා

ඈ අඳුරේ රහසක්ද කීවා මා රිසිසේ ලංවුනිද ඈ හා
ඒ පහසේ මිහිර බවත් පරයා
සිත නොනැසේ නම් මා සිටින්නේ
ඒ ආදරයේ වෙනසේ මෙදා

ඒ සිල් ගත්තු හද ගත්තු ඔබෙ රුවම
මම මත්වූ ආදරියේ බොළඳයි ඔයා
මේ මනමාල සුකුමාල ඔය දෑස
මට බාර මියුලැසියේ සනසයි ඔයා
මේ හදගැස්ම ඔය බැල්ම ඔබෙ නමට
සිත බැන්ද ආදරය මිහිරී තමා
මේ මනමාල සුකුමාල ඔය දෑස
මට බාර මියුලැසියේ සනසයි ඔයා

හුස්මක් | Husmak by POP PUNK ft. Indrachapa Liyanage, Samith Gomes

උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්

රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ආදරයෙන් හුස්මට හුස්මක් දෙමු ජව පෙන්නා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

කනෙන් රිංගලා හෙමින් අන්දලා කොයි කාවත්
යැව්ව රොකට් එක ගොඩ බැහැලා ඇති හඳ ගාවත්
තොපිට බය වෙලා ඇති දැන් හඳේ හිටි හාවත්
උගේ කැරට් අලේත් කාපන් හොරෙන් වෙන නෑ ඌ ගාවත් ඒයි

ඌ වගේමයි මෙහෙත් අපිටත් නෑ ඇප
කියනකන් ඉන්නේ කරන්න අහවල් එකත් කැප
දැන් නම් බලාගනින් නැකත අතේ නැතුවත් යකඩ
කොලඹ වටලන් අහන්නේ මහරජ දැන් සැපද?

හේයි මහරජ දැන් සැපද?
කොච්චර වෙස් ගැන්නුවත් දැන් පේන මූන කැතද?
කෞතුකාගාරයෙන් කඩු උස්සපු එක කැපද?
මහ දවල් රට වටෙන් නිධන් ගන්න කැපද?

මදිද? තව මදිද?
පාස්කු ඉරිදම බිලි ගත්ත මිනී ගාන මදිද?
පිටරට පැන්නුව සල්ලි කොල මදිද?
මුලු රටකගේ උරා බීපු ලේ මදිද?

උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

දූෂිත පාලනෙන් පොඩි මිනිහව පාග පාග
පිළීගදයි මුංගේ අත් පිළිකන්නේ මලමිනී ගොඩ දාලා
පානා රැගිලී නිසා දැන් උන්ගේ කරන් මේ වේදිකාව
තරුණ බලේ අරන් එන්නම් සුන්නත්ධූලී කර යන්නම් වේදිකාව

ඉවසුවා ඇති කාලේ ඒත් කලකම් පලදේ බොට එයි මරු පස්සෙන් බල තණ්හා අස්සේ කෙළවේ ඊටපස්සේ කල මුසා වමාරන්න වෙයි
බොරුවෙන් පෙන්නන දේ ඔළු කන්නේ විසෙන් මිනිසුන්ගේ බලෙන්
රැවටෙන්න එපා බොලා ගිල ගන්න 225ම සැරෙසේ

බලෙන් තගෙන් අල්ලන් ඉන්නේ රට මිනිසුන්ව පාගා
වරෙන් කොල්ලො කෙල්ලෝ ටික ගොඩගමු අපේ රට ශ්‍රී ලංකා
බලන්න ඕනේ නෑ එළිය කොදූ නවාගෙන අනුන්ගේ පහනෙන්
තරුණ මේක අපේ රාවේ කොඩි අරන් එන්නේ අයින් වෙයන් පාරෙන්

උඹට ආස නෑ මුන් උන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ආදරයෙන් හුස්මට හුස්මක් දෙමු ජව පෙන්නා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

රතු පාට හද | Rathu Paata Hada Gasma by Ashanthi ft. POP PUNK

වීනා තත්සරට හදවතම සැලෙනා
සීමාවන් බිදෙන රැය එන නිසා
මායා එන හීන හදවතම පීරා
රූරා වන් වැස්සේ හදවත පුරා

මට නුඹ වෙන්න ඕනා
සන්සුන්ව ලීලා
නුඹ ඉන්නේ කොනකට වෙලා
ඉවසන්න කියනා
මේ හිතම රිදෙනා
නෑ දන්නේ කොහොමද කියා

මේ රතුපාට හද ගැස්ම
මද සුලග මල් වැස්ස
රෑ සිහිනේ පුරා
අර වල ගැහෙන කම්මුලට
මං ආස වූ දිනයේ
මා වින්දේ සදා
වින්දේ සදා

මේ මා දුර ඈත ඇයි යන්නේ පිහිනා
මා හා තනිවෙන්න ගිවිසුම එපා
පානා හසරැල්ල හරි අමුතු සේයා
පෙනවා හදවතට හසුවන්නේ මා

මට නුඹ වෙන්න ඕනා
සන්සුන්ව ලීලා
නුඹ ඉන්නේ කොනකට වෙලා
ඉවසන්න කියනා
මේ හිතම රිදෙනා
නෑ දන්නේ කොහොමද කියා

මේ රතුපාට හද ගැස්ම
මද සුලග මල් වැස්ස
රෑ සිහිනේ පුරා
අර වල ගැහෙන කම්මුලට
මං ආස වූ දිනයේ
මා වින්දේ සදා
වින්දේ සදා

සිත් වෙලෙනා
නෑ විමසා
හැමදේම දන්න මුත් ගොලු වුනා
නෙත් සදාපූ දැන් නොඅසා
මට බෑ ඉන්න තව තනිවෙලා

මේ සුලි සුලග හමලා
මා පෙම් දෙරන බිදලන්නෙපා
රෑ තරු එලිය හින්දා
ඔය තොල් අතර ලැජ්ජා උනා

මේ රතුපාට හද ගැස්ම
මද සුලග මල් වැස්ස
රෑ සිහිනේ පුරා
අර වල ගැහෙන කම්මුලට
මං ආස වූ දිනයේ
මා වින්දේ සදා
වින්දේ සදා

හිතුවක්කාරී | Hithuwakkari by POP PUNK ft. Dhanusha & Tilan GT

හිතුවක්කාරී
අද නම් ඒවී
හරී පායා
බොදවී යාවී
සෙල්ලක්කාරී
පිරිපුන් වේවී
තනියෙන් ආවා
‍රාත්‍රී යාමේ

සිතින් සිතුම් සිතක් හැගුම්
අපේ අපේ කරන් පැතුම්
ඇවිත් ඇවිත් තව දුරක්
නිමේශයක්
පැයක් දෙකක්

සිතින් සිතුම් සිතක් හැගුම්
අපේ අපේ කරන් පැතුම්
ඇවිත් ඇවිත් තව දුරක්
නිමේශයක්
පැයක් දෙකක්

හිත රැදුනු තැනක මගේ මාලිගාවෙ
ගයන්න වයන්න නුඹ ලග රැදෙන්නෙ
සෙල්ලක්කාරී මම නෑ නෙ ඔය සෙල්ලමෙ
සෙල්ලමෙ ලෙල්ලමෙ ඉල්ලුම ඔබ ඉල්ලුමෙ
ඔබෙ ඇහි පිල්ලමෙ
වරදක දෙක තුනෙ
ආසාවෙ සැනසුනෙ
මායාවෙ පැටලුනෙ
අදගන්න බැරි වදනුයි ඇහෙන්නෙ
අනුරාගී ගීතෙ තාලෙට ගයන්නෙ
හිත නිරන්තරේ
මතුරන මන්තරේ
ඔබ ගැනමයි කියවුනේ සාස්තරේ

සියුමැලි දෑතින්
කෙහෙරැලි මාගේ
පිරිමැද ආවා
සුරතට මාගේ
සෙමින් සෙමින් දැන්
වදන් බොදවී
උනුසුම දැනුනා
නිහඩ රැයේ දී

සිතින් සිතුම් සිතක් හැගුම්
අපේ අපේ කරන් පැතුම්
ඇවිත් ඇවිත් තව දුරක්
නිමේශයක්
පැයක් දෙකක්

සිතින් සිතුම් සිතක් හැගුම්
අපේ අපේ කරන් පැතුම්
ඇවිත් ඇවිත් තව දුරක්
නිමේශයක්
පැයක් දෙකක්

සිතින් සිතුම් සිතක් හැගුම්
අපේ අපේ කරන් පැතුම්
ඇවිත් ඇවිත් තව දුරක්
නිමේශයක්
පැයක් දෙකක්