මතකද හැන්දෑවේ | Mathakada Handawe by Raini Charuka

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

නීල කඳුගැටේ | Neela Kandu Gate by Raini Charuka ft. Gayan

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා

එනවා

රන් තරු දිලේ
ඔය ඇස් වගේ
රන් කඳ මගේ
පිවිතුරු ආදරේ

ජීවන මගේ
පන නළ හදේ
සිත නළවනවා
පෙම් රස ආකරේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

මිණි මුතු අගේ
නැත ඔබ වගේ
පෙම් කඳ මගේ
රන් දොර ආදරේ

චන්දන වගේ
සුවඳට ඔබේ
මන් මත් වෙනවා
සොඳුරුයි ජීවිතේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා
එනවා
එනවා
ටාන ටනනා

written by Rookantha Gunathilaka

raini charuka,rainicharuka,sinhalasongs,sinhala songs,charuka,sinhala hits,danena thuruma,tamil songs new,sinhala,wasanthayaka,sinhalamusic,kanchana anuradhi,dinesh gamage,hadisida manda,tharumini,mathakada,manuranga,songs,losliya mariyanesan boyfriend,dilki uresha,nuhuru,the voice teens sri lanka,lahiru perera,malwaram,srilanka,piyath rajapakse,tamil hits,ashanya premadasa,manda pama,dharshan thavaraja,diha,manuranga wijesekara,sindu,nethu,visik,sitha,umara

කළුවරට හිත බය | Kaluwarata Hitha Baya Hinda by Raini Charuka

කළුවරට හිත බය හින්දා …
ඔය පපුවෙ උණුහුම වින්දා …
ඇස් බැන්දු රෑ හීන පෙන්නා …
නුඹ මාව තුරුලටම ගත්තා …

නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
ලැගුම් ගන්න මේ හදවතේ …
කඳුළැල් සිඳෙන හීනේ…මාගෙ නොවෙන දෑසේ
අන්දුරකද මං නැවතුනේ…

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …

නොදැනෙන දුරක නුඹ ළඟ
ආදරෙන් ආව …
නොසිතෙනා ලෙසට එක් වුන
ආදරේ සුව දෙන …

නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනේ… මාගෙන් නොයන දෑසේ
අන්දුරකද මං නැවතුනේ…

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …

විසිරෙනා සිහින එක් කොට
මාලිගා තැනුව…
අපි නමින් අන්ද සිතුවම
මතකයකි හැම දින …

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

මල්වාරම් | Malwaram by Raini Charuka

මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින්
ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්, බොරු හේතු කියමින්
ආසයි පෙර වාගේ, ඔය තුරුලේ, නැලවෙන්න රහසේ
දෑසින් ළංවුයේ, ඇයි මෙතරම්, වෙන්වෙන්න නම්

නිදි නැති රැය බොඳ වීලා
උණු කඳුළක නෙත සතපාලා
ආදරවන්තිය හඬවා, දුර ගිහින් හිත පාවෙලා
මුළු හද ගිනිගණ් පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකේ දල්වාලා
සිහිනයෙන් වෙන්වෙලා

මුදු හසරැලි ශීත යායේ
මුතු කුඩ යට උන්නු කාලේ
කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
හිස මත ඔය අත තියා මා සනසලා දිවුරාලා හිමිහිට
කීදේ අද බොඳ වෙලා, මා තනිවෙලා සුසුම් වෙතින්

නිදි නැති රැය බොඳ වීලා…

සායම්කළ දෑස මානේ
මායම් නැති හීන ගානේ
බෝසත් හිමිකම පාවීලා යන්නේ කොහේදෝ සඳ යාමේ
හිත රස ඇති පැන් සොයා එය උදුරලා පියඹා දුරකට
සමනල පෙති අග ලියු සංවේදනා ඔබේ නමින්

නිදි නැති රැය බොඳ වීලා…

මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින් …

නිදි නැති රැය බොඳ වීලා…

විසික්කෙරුව සිත | Wisikkeruwa Sitha by Raini Charuka

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා

මට සිළුටුයි සිත එය පාරන්න එපා
පෙම් ගඟ කළඹා බොර කරලන්න එපා
විසිතුරු මල් දැකලා, කලබල වෙන්න එපා
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා
ලස්සන ලෝකය වරදින් දකිනු එපා
හිඳිනට සෙනෙහේ සිතින්, විඳිනට සුවේ ඉතින්
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා