මාරුතේ | Maruthe by Ridma Weerawardena ft. Raj [2022]

මාරුතේ හමනා මේ තුරු සිහිලෙන් වස්සානේ
ජීවිතේ දැනෙනා මේ හැගුමන් නිල් වරුසාවේ

නීල දෑස බලලා
හීනේ දෑත පටලා
මාගේ වෙන්න පතලා
ආදරෙන් වෙලා

රහසින් මා පෙම් කරනා
නෙත් හොරැහින් ඉගි මරනා
මොහොතින් මහොතක් ගෙවෙනා
කාලෙට හිමිකම් කියනා

රෑ තුන් යාමේ මැවෙනා
රුව තරුවක් වී දිලෙනා
තවමත් නුහුරුයි කියලා
හැගුමෙන් මා වෙලුනා

ලෙංගතු වී ලා මා හා
නෙතගින් බස් කොදුරාවී
මල් මදහාසෙන් සරසා ලූ
ඈ පෙම් අගනාවී

සදවත ආදරෙයි කියා කියන් මට
නීල ආකාසේ
පේන මානයේ රැදී පෙම් හීන ගංගාවේ
මේ භවේ පුරා පතාම ආ ආලේ

රහසින් මා පෙම් කරනා
නෙත් හොරැහින් ඉගි මරනා
මොහොතින් මහොතක් ගෙවෙනා
කාලෙට හිමිකම් කියනා

රෑ තුන් යාමේ මැවෙනා
රුව තරුවක් වී දිලෙනා
තවමත් නුහුරුයි කියලා
හැගුමෙන් මා වෙලුනා