ප්‍රියාවී | Priyawee by Piyath Rajapakse

පාට කූරක
පාට බොදවෙලා
පිටු පුරා
ලස්සන රුවක්
මැවීලා

හැගුම් පිරෙනා
මුලු රැයක් පුරා
ලංව දිදුලන
දෑස් යුග බැදීලා

ඔබ ලගින් හිදිනා
විටදී මා
ඔබ දුන්නු උණුහුම්
සිහිනයක් වී ලා

ඔබ තෙමු දෙකොපුල් වියැලීලා
ඔබ නැගූ හසරැල්
මතකයක් වීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

සැබෑ නොමවෙන සිහිනයක් නිසා
සිතක් නලවන
සැනසුමක් නොදීලා
පැතුම් බිදලන මතකයක් නිසා
සිහින අතරෙම
ඔබේ රුව මැකීලා

ඔබ ලගින් හිදිනා
විටදී මා
ඔබ දුන්නු උණුහුම්
සිහිනයක් වී ලා

ඔබ තෙමු දෙකොපුල් වියැලීලා
ඔබ නැගූ හසරැල්
මතකයක් වීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

පාට කූරක
පාට බොදවෙලා
පිටු පුරා
ලස්සන රුවක්
මැවීලා

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ප්‍රියාවී
ඔබ සිහිනයෙන් ලංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යලිත් සැගවේවී

ඇයි මම ආදරේ | Ai Mama Adare by Piyath Rajapakse

යන්නෙමී
පියඹලා
නිල්වන් අහස පුරා

සොයනෙමී
මගෙ දින පොතේ
සිටි ඒ කුමාරිකා

ඈ ගායනා
ඒ ගායනා
මුව තුරුල ඇති ඒ සුන්දර සිනහා
ඇය වෙසෙනා පෙදෙස කියයි

සුලගින් ඇය එවනා පෙම් හසුන්
හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්
තරු මෙන් මග පෙන්වයි

එක රෑනින් රෑනින්
එන්නෙමී
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී
මුලු ලොව පුරා
ආලෙන් ආලෙන්
එන්නෙමී
කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී
මගෙ ලොව කරා

ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා

ඔබ මට ජීවිතයේ හමුවූ
එක නවාතැනක් පමණයි

තවත් විටක මට සිතුනා මෙසේ
ඒ දැන්
ඔබ මගෙ ජීවිතයයි

එක රෑනින් රෑනින්
එන්නෙමී
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී
මුලු ලොව පුරා

ආලෙන් ආලෙන්
එන්නෙමී
කුමරිය සොයා

එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී
මගෙ ලොව කරා

ආදරී කියන්න
ඇයි මම ඔබෙ සුසුමේම
දැවටෙන්න ආස

ආදරී කියන්න
ඇයි මම ඔබ හට ආදරේ
ඇයි මම ආදරේ

ඇයි මම ආදරේ

ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා

එක රෑනින් රෑනින්
එන්නෙමී
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී
මුලු ලොව පුරා

ආලෙන් ආලෙන්
එන්නෙමී
කුමරිය සොයා

එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී
මගෙ ලොව කරා

ආදරී කියන්න

ඇයි මම ඔබෙ සුසුමේම
දැවටෙන්න ආස

ආදරී කියන්න
ඇයි මම ඔබ හට ආදරේ
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ