ත්‍රි මාන | Thri Mana by Ramesses Reezy [2021]

ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන්
පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්

විකාර නම් ඇති , මං පෙන්නන්නම් ඇවිත් පැති
උඔ දැකලවත් නැති , උබට තේරුම්ගන්න බැරි
මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි
කරන්නට බැරි දෙයක් නැති , හෙව්වා වෙන පැති
මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි
මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති
කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි
උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි

වැඩි , ගොඩක් උනගේ නාඩගම්
නැති වෙලා සාරදම් ,
මනස විරල වෙලා ඉපදුනු දා පටන්
බනින් නෑ මං කාටවත්
තුවාල බැ පාරවන්
වැරදුනු පාරවල්
ඉගැන්නුවේ පාඩමක්
වෙනයි මගෙ කාචයන් , පිටවන රාවයන් !
හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන් ,
හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං
දකින රකින මට විශ්වයත් ආගමක් ..!

ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන්
පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්

සමාජයෙන් හුදෙකලාවී
ඒ අත්දැකීමන් මා උඩට දමාවී
මනෝ භවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අබිප්‍රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී
බය නෑ වෙන්න තනි මන් දන්න උන් දනී
දැන් නැ රින ගතී මට මාව වටී
කලාවට ලැදී ගෙවෙන්නැ මෙ දැති
විලංගුවෙන් කැඩී කොහෙටත් නෑ බැදී
ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිදී කෙසරිදුන් වැනී
අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතේ හැටී

රාමු කඩා බිද පාට කලා හීන
පහු කර ගෙන යාවී කාල දින
මං මතු දාක අබිප්‍රායන් ඇත්ත කරන්නයි
ඇබ්බැහි තැන් වල තිබ්බෙ තිත
මම වෛරය ගනන් ගන්නැ ,
අහස කඩන් යන්නේ උඩටම ඉනිමගෙ
වෙනක්න් නිම
ආත්මාභිමානයකින් බලන් ඉන්නෙ
මගෙ පාට වෙන හීන බලන් හිද
මගේ පාරට වැටෙන් බාධක බිදිමින් ජීවිතෙ
අරුත දකිමින් ගමන් කරයි උඩට
විහදාගෙන අත්තටු පියබා යන උකුසකු වගෙයි
තරනය කරන්නෙ උඩු ගුවන
තම පාලනෙ තමන්ගේ අතට රැගෙන ගියොතින්
හරි ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන
හරි මගේ ඉලක්කං, වචන වල ඇත හැගීම්
පිළිගනිම් සාදරෙන් මා ලොව තුළට

හීන සක්වළ | Heena Sakwala by Ramesses Reezy [2021]

හීන ලොවක් මවාගෙන හිටියම හරිද ?
වෙන උන්ගේ රටාවන්ට මම පලිද ?
පොඩි ළමයි බිත්ති ගානේ ඇන්දේ බලිද ?
වෙනස් උනොතින් කෝණේ ලොව දකින ?
වෙන කතා වැඩක් නෑ “මම හරිද ?”
ඒකයි එකම පැනය මට වටින
යුතුකම් නිසා ඇත ගුණ රකින
පරම්පරාවක් ඕනි දුර දකින
ගලා යමි ගල් පර අතර මැදින්
ජීවය මා හට පොවයි හැගීම්
ඇයි රිදවන්නෙ මෙතරම් බැදීම් ?
දෝරේ ගලා යාවී මා තුල හැගීම් !
හයියක් වුනා ජීවිතේ වෙච්ච වැටීම් !
මං නතර වෙන්නේ උසම තැනින් !
මං නතර වෙන්නේ හරිම තැනින් !
දැක්කා මිනිස්සු වෙනස් වෙන හැටිත්
තම හිසට තම අත බැවින්
ගත්තා පාලනය අතට මා සැනින්
හඹා යමි හීන සක්වළ මැදින්
දකිමි ලොව විදාගෙන ඇස
මගේ පිටු කලා මම හැඩ
පිට ගියා මා රාමුවෙන් පැන
තාම මතකයි පටන් ගත්තු තැන
කෙල්ලේ මා තුළ රාගයත් ඇත
ආලයටත් ඉඩදිය හැක
මට ඔබව භාවය මැද ,
රාගිනි තුල පාකල හැක
අත දීපු කාවත් නෑ අමතක
ප්‍රශ්න මැද බෑ වෙලා කලබල
මං ගියා සොයන් හදවත
සටන් කරන්නෙ නෑ මං බොරු බරකට
දුර ඉගිළි ගියා තරමට
සැඩ සුළං කපා කළඹන
මුන් යට වෙලා බලයට
මේ වදන් දාගනින් හරයට
නොපෙනෙන මානෙන් පා කරවයි
වෙච්ච හැමදේම යා කරවයි
අම්මා ඇවිත් හිද මා සනසයි
වැරදි පාරකින් මා නවතයි
හැදුනේ මගේ වටේ බලලයි
අදුර ගත්තේ මගේ තරමයි
හිතේ බය සැක දැම්මේ වලටයි
විශ්වාස මට විශ්වයේ දහමයි !