මල් මදහාස | Mal Madahasa by Randhir ft Bathiya [2013]

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා

දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඇය මගෙ ජීවෙ පෙම් ලෝකේ
එක මග ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා.. හා
වසන්තේ පෙමින් ළං වීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

රුව දැක ඈගෙ මල් වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන් ඒ රුවින් මත් වීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

2020 LPL ගීතය | 2020 LPL Song by B&S ft. Randhir & DK

ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා

එක්ව ජයගමු
ලොවම ජයගමු

It’s the battle of the champions
It’s the joy of the nation
It’s a celebration
It’s a revolution
You can feel it everywhere

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඩ නංවා

Win it together
Clap it together
Rise it together
Go in forever
Every match is a moment
we bring together

Lanka Premier League 2020
Win together

ලස්සන දෑසක් | Lassan Desak by Bathiya & Santhush ft. Umaria, Randhir

ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම නොකර කතා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම සොයන කෙනා ඔබමද මන්දා
ලස්සන රහසක් කීව නිසා
මේ දෑත නොදී කොහොමද මන්දා

අද වගේ දවසක අපි දෙන්නා
යළි හමුවන බව දැන උන්නා
රන් කෙන්දෙන් අතැඟිලි බන්දා
අනිනත් ගෙන පා වෙමු දෙන්නා
මා පෙර සසරේ සිට දන්නා
කෙනෙකුට බහ දෙන්නට උන්නා
හරියට ආදරේ ගැන දන්නා
නුඹද මගේ ළඟ ඉන්න

ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව
නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා

ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම නොකර කතා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම සොයන කෙනා ඔබමද මන්දා
ලස්සන රහසක් කීව නිසා
මේ දෑත නොදී කොහොමද මන්දා

මගේ ජිවිතයම පිළිගන්න (පිළිගන්නා)
මට සුදුසුම හද ඔබ හින්දා (ඔබ හින්දා)
මාල හතක් ගෙල වට බන්දා
ඉවසමි ඔබ යන තූරු කැන්දා
තුරුලේ නැළවෙන විට දෙන්නා
ලොකෙම අමතක වෙන හින්දා
මේ පෙම් හැඟුමන් කර පින්නා
දිව්රමු අපි දෙන්නට දෙන්නා

ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා
ලස්සන දෑසින් බැලුව නිසා
මම නොකර කතා ඔබ ලුහු බැන්දා

ගින්දර | GINDARA by Dhanith Sri ft. Randhir Witana [2020]

හීන ආකර
හදට කැන්දා
මගේ හදවත රැගෙන ගිය ඒ
ඇගේ හැඩයම
තියෙන රූබරියේ

මගේ මුවගට
වැටෙන බිදුවේ
හිතේ දුක් ගිනි දියව දියවේ
දුවන රුධිරේ
මධුවිතට පෙරලේ

ආදරේ ගීතයක්ව පාවී ආවේ
රස මාරුතේක මා ගිලුනේ
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ

දැවෙන ගින්දර
පපුව ඇතුලේ
නිවාගන්නට නුඹ රැඳෙන්නේ
මගේ අත
උඩ නුඹ රැගුම දෙන්නේ

දුන්න තාලෙට අඩිය තැබුවේ
මගේ වන්නමේ නමක් නැත්තේ
හිතේ දුක නෑ මට ඉතිරි වෙන්නේ

ආදරේ ගීතයක්ව පාවී ආවේ
රස මාරුතේක මා ගිලුනේ
හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ