මන්දහාසි | Mandahasi by Ranga Weerasekara [2021]

හද රැඳුනු රිදුම් පිරුණු ජිවිතයේ සාදා සැඟවුණු
මතකයේ වූ නේතේ කඳුළු මාරුතයේ සැලී විසිරුනූ..

හද රවටා ඇය ගිය දා.. මා සැනසුනූ..
හද රවටා ඇය ගිය දා.. මා සැනසුනූ..

නිම වෙන්නේ නෑ.. කියු අාදරේ
හීන උදුරා රැහැනේ මුදා..
.නොසැලෙන්නේ මා සිතු සේ නිරා..
නීල ඉඳුරා පවනේ වෙලා..
රළු මාවතේ ගිලිහී ඔහේ මා හිනැහුනේ..

බොඳ වෙන්නේ නෑ රැය පාලුවේ
හීන පුරවා රහසේ සදා..
සැනසෙන්නේ මා සසරේ පුරා..
නේන මතකේ හැරදා සදා…
පියමන් කලේ මසිතේ රැදී.. ගිම්හානයේ

හද රැඳුනු රිදුම් පිරුණු ජිවිතයේ සාදා සැඟවුණු
මතකයේ වූ නේතේ කඳුළු මාරුතයේ සැලී විසිරුනූ..

ලක්මව්නී | Lakmawuni by Dhanith Sri, Ridma, Supun & Various others

[Ridma]
විකසිත වී නිති
එකමුතු වී
සවිබල පා සැම
එඩිතර වී

[Ranga]
රුහිරය දී දිනු
ලක් මව්නී
ගරුකල සේ නුඹ
සෙවනෙ හිදී
දරුකැල සේ නුඹ
සෙවනේ හිදී

[Dhanith]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Supun Perera]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Kanchana]
බිද දමලා රළු
පවුරු බැදී
මිතුදම වේ අප
අතරෙ සැදී

[Supun Perera]
මනු දෙරණේ
නොම නොගැටි අපී
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ridma & Kanchana]
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ranga]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Dhanith]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Fawaz]
රතු රුහිරේ ලයෙ
සැරුවේ අපේ
කුමකට දෝ පිල්
බෙදිලා මෙසේ

[Heshan]
ලග දකිනා නෙතු පිසදාලා

[Prageeth]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[Ranura]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[All Togethe]
පිය මනිනා
ජය මාවත දිගේ
අපි සැවොමා
එක් වී