සඳුන් සදාලා | Sandun Sadala by RaviHans [2009]

සඳුන් සදාලා තිලක තියාලා
කොහෙන්ද ඇස් වහ වැදුණෙ කලූ
බුලත් හපාලා පුවක් හපාලා
තොල් දෙක රතු වුණෙ කිමද කලූ
ඒ වුණත් කලූ නුඹ එනකන් මග පාර බලාගෙන සිටියාලූ
හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ කියන්න යන දේ දන්නවලූ

සන්සුන් නැතිමුත් – පුංචි මදුවිතකින්
නෙත් කොණින් බලමින් ඉන්න බෑ සතුටින්
ළං ළංව හිඳිමින් යන් යන්න හදමින්
පිංවන්ත තැනකින් ළංවෙන්න පතමින්

මලුත් නෙළාලා නළලෙ ගසාලා
වඳින්නෙ තනියම කිමද කලූ
නිරන්තරේ මංතොටේ හමුවෙලා
ගමේ කතන්දර හැදුණා ලූ
ඒ වුණත් කලූ නුඹ එනකන් පාර බලාගෙන සිටියාලූ
හිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ කියන්න යන දේ දන්නවලූ