ඈ හා | Ae Ha by Ridma Weerawardena [2023]

ඈ හා – තනිකම හුරුකම අතරේ මා හා
ඈ හා – නැතිකම ඇතිබව අතරේ මා හා

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

ඈ ගාව නැති වුව මතකේ
මා ගාව ඇති වුව අඳුරේ
වින්දා.. ජීවිතේ
හා කිව්ව බෑ කිව්ව දවසේ
නෑ දෙන්න ඒ හුස්ම ආයේ
වින්දා.. ජීවිතේ

මනසින්ම අතහරින ආදරයෙ ගීතේ
ඔබ ගාව පුද දෙන්න බෑ යලි ආයේ
විසිරෙන්න එක්වෙන්න ඇයි ආයේ හැදුවේ
මේ ගමන නවතින්නේ දැන්

පුරා කල්ප අතරේ ආ දුර ගමනේ
සිනා මුව තරමේ කඳුලක් ඉනුවේ

written by Manuranga Wijesekara

ridma weerawardane,ridmaw,ridmadw,ridma,imzys dance crew,nisal gamage,amazing voice,sobana,acoustic singer,sri lanka,srilankan vocalist,naadhagama,bollywood songs,imzys,hindi,senanga dissanayake,sobana(සොබනා),bollywood

සොබනා | Sobana by Ridma Weerawardena [2023]

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
දනිමී පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවදයි කුමුදිනියේ මගෙමයි
අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

written by Nisal Gamage

පිච්ච මල් | Pichcha Mal Wassakin by Ridma Weerawardena

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා //
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්

හැරුනු මල් මොහොතකින්
අහක යයි බල බලා
ඔය කොපුල් මේ දෙතොල්
වල ගැටී ලං වෙලා
ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා
නෙත් බැදී හිත් ඇදී ආදරේ ගලනවා
ජීවිතේ ඔබ ලගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා
සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා //
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී
පිච්චමල් වැස්සකින්

written by Tiron Perera

නොමියෙන ආදරේ | Nomiyena Adare by Ridma W & Kanchana A

ගලනා සිතුවිලි ඉවුරුතල බින්දා
ස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා

ඒ හීනයේ හැඩරුව හදුනා
ඔය දෑස මානයේ මැව්වා
අපි උරුම ලෝකයේ
ඉවුර සොයා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

රූරා හැලෙන තරු අහුරු අවුරා
පලදා දෑසේ සතුට අපි වින්දා
අපි ආදරෙන් ජීවිතේ කියවා
ඒ ජීවිතෙන් ලෝකයක් සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නුඹ මාලගින් දැනෙනා හින්දා
මා කිසිදිනේ නොවැටී උන්නා
යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

written by Manuranga Wijesekara

මාරුතේ | Maruthe by Ridma Weerawardena ft. Raj [2022]

මාරුතේ හමනා මේ තුරු සිහිලෙන් වස්සානේ
ජීවිතේ දැනෙනා මේ හැගුමන් නිල් වරුසාවේ

නීල දෑස බලලා
හීනේ දෑත පටලා
මාගේ වෙන්න පතලා
ආදරෙන් වෙලා

රහසින් මා පෙම් කරනා
නෙත් හොරැහින් ඉගි මරනා
මොහොතින් මහොතක් ගෙවෙනා
කාලෙට හිමිකම් කියනා

රෑ තුන් යාමේ මැවෙනා
රුව තරුවක් වී දිලෙනා
තවමත් නුහුරුයි කියලා
හැගුමෙන් මා වෙලුනා

ලෙංගතු වී ලා මා හා
නෙතගින් බස් කොදුරාවී
මල් මදහාසෙන් සරසා ලූ
ඈ පෙම් අගනාවී

සදවත ආදරෙයි කියා කියන් මට
නීල ආකාසේ
පේන මානයේ රැදී පෙම් හීන ගංගාවේ
මේ භවේ පුරා පතාම ආ ආලේ

රහසින් මා පෙම් කරනා
නෙත් හොරැහින් ඉගි මරනා
මොහොතින් මහොතක් ගෙවෙනා
කාලෙට හිමිකම් කියනා

රෑ තුන් යාමේ මැවෙනා
රුව තරුවක් වී දිලෙනා
තවමත් නුහුරුයි කියලා
හැගුමෙන් මා වෙලුනා

විරාමයේ | Viramaye by Ridma Weerawardena [2022]

ක්ෂිතිජය මායිමේ
පාමින් සිත් රටා
ඈතින් සිහිනයේ ගිලෙනා

දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ තවරා

මතකේ ඈත ඉවුරේ
යාවී පෙනෙන්නේ
මේ හීනේ විරාමයයි

දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ පවරා

අහසට ලංවෙලා
සයුරට ලංවෙලා
මා හදේ ඇදි රූ රටා

ක්ෂිතිජය මායිමේ
දිනයක හමුවෙනා
හීනෙක ජීවිතේ තවරා

ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරා ගත්තාදෝ දැනුනී
ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරා ගත්තාදෝ දැනුනී

සංසාරයේ මා සැළලිහිණි|Sansaraye Maa / Salalihini by Charitha Attalage

සන්සාරයේ මා…
හමුවී තියේ… දෝ…
දෑසේ හිනාවේ…
මා මත් වුනා දෝ…

මේ හුදකලාවේ…
සී…තල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ නේ…

මේ මල් තුරුල්ලේ…
ඔබ මල් කිරිල්ලියේ…
මගේ…සිනා..වේ…
අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී……

සුරංගනාවියක්ම දෝ…
මලින් උපන් ලියක්ම දෝ…
තනිවී කිම දෝ…
අසමි සමාවී…

සුරංගනාවියක් නොවේ…
මලි උපන් ලියක් නොවේ…
සොදුරු හැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ සංසාරේ…
රන් රස සේමා…
පෑහී…සැමදා…
ආදරේ…පෑවා…

ඇලේ දොලේ…
විලේ ජලේ…
ඉරේ හදේ…
ගහේ වැලේ…
ගැයුනේ අපගේ…
ප්‍රේම උදානේ…

ඔබේ නුවන්…
දිහා බලා…
කියන්න බෑ…
අහන්නේපා…
ආලහැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ මල් යායේ…
මල් පෙති… ගානේ…
ලියවේ…
අපගේ…
ආදරයේ…ගීතේ…

සංසාරයේ මා…
හමුවී තියේ.. දෝ…
දෑසේ.. හිනාවේ…
මා මත් වුනාදෝ…

මේ හුදකලාවේ…
සීතල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ මේ…

මේ මල් තුරුල්ලේ…
ඔබෙ මල් කිරිල්ලියේ…
මා…සිනා..වේ…

අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…
යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී…

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

මනරම් නා මෙනෙවී
මේ ලවැලී තලේ
හිඳ මිණි වෙණ තත්
මැද රුවට රුවේ

ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ

නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා

විඳිනා ඔබ රූ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

යන්නම් මතකෙන් | Yannam Mathaken by Ridma Weerawardena [2021]

සරා සදේ ලියා
මාගේ හීනේ

හදේ රැදී මා
ඒ ආදරේ මේ යාමයේ
යන්නම් මතකෙන් හැබැහින්
ආදරෙන්
යන්නම් මතකෙන් ආදරෙන්

තරුපායා තිබුනත් ‍රෑ
අහස පාලුවට ගිහින්
නුඹත් යන්න ගිහින් වත් දෝ
අමාවක වගේ

සදේ අහපන්
මේ රෑ යාමේ මාගේ අන්දරේ
සදේ සදේ නුඹ කොහිදයි කියපන්
මේ රෑ යාමේ මා තනියෙන් උන්නේ

සරා සදේ ලියා
මාගේ හීනේ

හදේ රැදී මා
ඒ ආදරේ මේ යාමයේ
යන්නම් මතකෙන් හැබැහින්
ආදරෙන්
යන්නම් මතකෙන් ආදරෙන්

සදේ ඉදපං
තව වරුවක්
ඇවිදින් ලගින්
සදේ සදේ නුඹ කොයිබද කියපං
මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ

යන්නම් මතකෙන්