සඳ සිනාසෙයි | Sanda Sinasei by Rivindu Yaddehige ft. Tharindu D

රෑ අහස පුරා
තරු රටා අඳී
සිසි කැළුම් එළා
සඳ ගිමන් හරී
නිල් නුවන් පුරා
නෙත් කැළුම් වැදී
පෙම් රටා මවයි
කලු වලකුළෙ

සුමුදු මල් පෙති අතුළ යහනක
වැතිර හිඳ අතිනත වෙළාගෙන
සිහින් තෙපුලෙන් රහස් කොඳුරන
සුපෙම් ගීයක හඬ අසාගෙන
සඳ සිනාසෙයි සඳ සිනාසෙයි

පාලු කතරක හුදකලාවක
දෑස් අග කඳුළකින් බොඳවුණ
විසුණු පෙම් සිහිනය සුසුම්ලන
විරහ ගීයක හඬ අසාගෙන
සඳ සිනාසෙයි සඳ සිනාසෙයි

written by Sasandara Sepali Dissanayake

tharindu damsara,tharindu,damsara,kalu kumara,kadawara,wankagiri gamana,rivindu,rivindu yaddehige,nadisha liyanaarachchi,ra ahasa pura,sasara paw,sanda,sasandara sepali,chameera hettiarachchi,sinasei,kavindi,gayashan weerawansha,kavin harshana,ra ahasa,kumara samayama,sri lanka,kalasri fernando,sinhala songs,royal records,reazon records,3rd eye cinema,kalpana,kalasri,kalpana kavindi,gayashan,new sinhala songs,sanjula himala,the night withot her

සීමා | Seema by Kanchana Anuradhi ft. Rivindu [2022]

මොහොතක් දැවටී මාව සිඹිනා
සුළගක් ඇවිදින් මා සොයා
හුරු වේදනා සාදලා
දුර යාවී දැන් මා දමා

නොරැදී බිදුවක් ඈත ඇදෙනා
නුඹගෙන් සැනසුම් කෝ කියා
හිත පෑරෙනා රෑ පුරා
තාමත් මං හොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලුම් සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
හීනෙන් පුරා
ඔබ හා මා

රිදවූ මතකේ දෑස වසලා
කදුලක් ඇවිදින් මා සොයා
මගෙමැයි කියා කී කතා
දෙසවන් මත ඇහෙනවා

යහනේ තනිකම් හීන රිදවා
ඇවිලේ සුසුමන් මා දවා
හිත පෑරේනා රෑ පුරා
අරුතක් මං සොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලූ සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
ඔබ හා මා සිසාරා සිසාරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

Written by Nisal Gamage

Kanchana Anuradhi new song , Kanchana Anuradhi song , seema kanchana anuradhi , kanchana anuradhi age , kanchana anuradhi hair , kanchana anuradhi photo , kanchana anuradhi boyfriend , seema kanchana anuradi song lyrics