ලෙන්ගතු පෙම | Lengathu Pema by Rohan Shantha Bulegoda

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව ද
මා නෙතු විමසන එකම රුවයි
ළය මත පිබිදුණු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

ලොව ගැරහුම් සැඩ පහරක් වූ වද
අසම්මතේ පෙම් මල් පුබුදයි
වෙන්වීමක් ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි

සඳක් නම් | Sandak Nam by Rohan Shantha Bulegoda

සඳක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
තටු අගට ලස්සන නොදී

සඳක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
තටු අගට ලස්සන නොදී

පරවි තුඩකින් විලඳ දුන්නට
ගිරවියක වළඳන්නේ නෑ
කඳුළු බිඳුවක රැදෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ

සඳක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
තටු අගට ලස්සන නොදී

පොළව උසුලන සියළු දුක් සැප
අහස් තලයෙහි හිමිවුනේ
පොළෝතලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ

සඳක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
තටු අගට ලස්සන නොදී

නිහඩ අරණ | Nihanda Arana by Rohan Shantha Bulegoda

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්

සයුරෙහි දිය කඳු මත හිඳ
අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හඳ යට හිඳ
පහනෙන් එන එළි හිතකට ඇළුම් කරන්නම්
ඔබ තරුවන් සේ ජීවිතයට පහදා දේ නම්

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්

නිල් කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොඳ මල
රතු ඇස් ඇති හිරු මඩලෙන් සඟවා ගන්නම්
ඔබ කවියක් සේ ජීවිතයට පහදා දේ නම්

නිහඩ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පළඳයි
ආදරයේ නිම් නැති අභිමන්

එක් පෙති මලක් | Ek Pethi Malak by Rohan Shantha Bulegoda

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසින

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

සිටිනා කොදෙව්වක නුඹ් සැප විඳී නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

ම්ම්…..ම්ම්හ්…