සඟවන්න ඔය නිල් නුවන් | Sangawanna Oya Nil Nuwan by Rookantha

සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

අහසේ තරු නැති රෑ
සඳ එළියක් නැති රෑ
වළාකුළු අතරේ
සඟවන්න ඔය නිල් නුවන්
මගේ දිහා නොබලා

හමුවුනු ලංවුණු අප පෙම් කතන්දරේ
පැටළුනු දැවටුනු සිතුවිලි සිර කෙරුවේ
ආදරයේ බිඳුවක්වත් අඩුව නොවේ
දෛවයේ සරදම් අප වෙන් කෙරුවේ

සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

කීව කතා තුන් යාමේ මතක් වුනා
කඳුළු ගලා දුටු හීනය බොඳව ගියා
ජීවිතයම අප ළංවී හිඳිමු කියා
පැතූ පැතුම් අප දෙහදේ ඉකි බිඳිනා

සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

හිරුගේ කිරණයි | Hiruge Kiranai (Lak Amme) by Rookantha Gunathilaka

හිරුගේ කිරණයි උණුහුම දෙන්නේ
සඳුගේ සෙවණයි සිහිල බෙදන්නේ
කරදිය පොකුණයි රැකවල්ලන්නේ
එකම එක තැනයි මේ මිහිකතට තියෙන්නේ…

දිරිය විරිය ඇති රන් දරුවන් උපදින්නේ
ඒ ලෙයින් බල සේනා බිහිවෙන්නේ
එක ධජයක් යට ඒ සේනා රොක්වෙන්නේ
යන යන තැන ජයෙන් ජය ලබන්නේ
ඒ අභිමානෙන්, මවුබිම බැබළෙන්නේ…

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

ජය මාවතයි අප සතු පැහැදිලි මගයි යා යුතු
සැම බාධා බිඳන් යමු අත්වැල් බිඳන්
සීමාව ආකාසේ වේ
ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ
අපි එනවා මගේ අම්මේ
නෑ පැරදුම් ලබා ලක් මවගේ පුතා
දිවි දෙනවා පුදා අම්මේ
අම්මේ ලක් අම්මේ…

උකුලට නාවත් | Ukulata Nawath by Rookantha Gunathilaka

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වී
සුවද ඔබේ අම්මේ
මා ඔබ ලග අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

අතපය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි නිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලග අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලග අම්මේ

සඳ පාන වාගේ | Sanda Pana Wage by Rookantha Gunathilaka

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
මල් මාවතේ සැරිසරාලා
නැළවුණු ළඳේ තුරුලු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා
මල් ගොමුවේ නෑ මල් පිපීලා
ඔබ නොඑන මේ බිම් තලාවේ
පාළුව හඬයි රෑ දවාලේ
කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
ආවා කියා පෙම්බරාවී
හද වේදනාවන් නිවේවී

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල්වන් ගැබේහි පියාඹා
එන්නම් ප්රියේ ඔබ සොයාලා
සිඳලන්න මේ කඳුළු ගංගා
හද වේදනා මදිද වින්දා

යළි මාවතේ මල් පිපීලා
සමනල්ලු රෑනෙ පිරීලා
ඔබ මා ළඟින් ඉන්නවානම් ආයේ
මල් මී වසන්තේ උදාවී
හද වේදනාවන් නිවේවී

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ළඳේ මුලාවී | Lande Mula Wee by Rookantha Gunathilaka

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්
ළඳේ මුලාවී ගියා නම්

මැණිකෙ අගය කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ
වැරදුනාම හරියි කිව්වෙ නෑ

මැණිකෙ අගය කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ
වැරදුනාම හරියි කිව්වෙ නෑ

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්
ළඳේ මුලාවී ගියා නම්

පරවුනාම මලේ සුවඳ නෑ
බොරවුනාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසය නෑ
හැරගියාට මා තනිවුන්නෑ

පරවුනාම මලේ සුවඳ නෑ
බොරවුනාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසය නෑ
හැරගියාට මා තනිවුන්නෑ

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්
ළඳේ මුලාවී ගියා නම්

සිතින් සිනා සිසී | Sithin Sina Sisi by Rookantha Gunathilaka ft. Chandralekha Perera

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

ආදරේ නමින්
දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ
එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

රාත්‍රියේ රිදී
පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන වේ
සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

පුංචි ආදරේ කතන්දරේ
එන්න යන්න මල් මාවතේ
එන්න යන්න මල් මාවතේ
පුංචි ආදරේ කතන්දරේ