අමුඩේ | Amude by Saman lenin [2019]

දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියං

දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියං

ආයුබෝවන් කියන මොහොතේ
බුලත් හෙප්පුව බිම පෙරලියං

කොයි තරම් ලස්සන උනත්
ඌට මහ වස කැතට පෙනියං

කොයි තරම් ලස්සන උනත්
ඌට මහ වස කැතට පෙනියං

පරපුරේ පම්පෝරි දොඩවන
අම්මගේ කට වචන ගිලියං

කැස්ස හැදිලා ආත්තම්මට
වාත පිත තරඟයට කිපියං

අයිය පණ්ඩිතයා වෙලාවට
නොඑන්නට වාහනේ කැඩියං

නොකල හින්දා වැරැද්දක් මට
තාත්තට වෙන වැඩක් වැටියං

මකුළු දැල් නැන්දම්ම දෑසට
කිතුල් මල් වාගේම පෙනියං

නොහොඹිනා හරුපයක් කියවී
කාගෙ හරි හිත තදට රිදියං

මගුල එහෙනං තීන්දුයි දැං
කීවොතින් හොර කපුව එසැනින්

අළුත් නෑකං සබා මැද්දේ
අනේ ඕකගෙ සරම කැඩියං

අම්මගේ කට වචන ගිලියං
තාත්තට වෙන වැඩක් වැටියං

කාගෙ හරි හිත තදට රිදියං
අනේ ඕකගෙ සරම කැඩියං

මොකක් හරි හේතුවක් හින්දා
අමුඩෙ අමතක වෙලා තිබියං

දුන්නු තේ එකට
සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියං

ආයුබෝවන් කියන මොහොතේ
බුලත් හෙප්පුව බිම පෙරලියං

කොයි තරම් ලස්සන උනත්
ඌට මහ වස කැතට පෙනියං

අම්බරුවෝ | Ambaruwo by Saman Lenin

අම්බරුවෝ
පින් දරුවෝ

අම්බරුවෝ
යං මිතුරෝ

හෝ… හොහෝ… හොහොහෝ
හෝ… හොහෝ… හොහොහෝ

අම්බරුවෝ
යං මිතුරෝ

හෝ… හොහෝ… හොහොහෝ
හෝ… හොහෝ… හොහොහෝ

කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බිපල්ලා
වෙලේ හීය අහවර කර නාපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා

හෝ… හෝ… හෝ… හොහෝ…

නැම් බඹරේ මහ කුඹුරේ දිය බැන්දා
පින් හීයට දහ අට බානක් බැන්දා
රන් පොලොවේ ලී නගුලෙන් ඉරි ඇන්දා
අම්බරුවනේ රට රැකුනෙ තොපි හින්දා
අම්බරුවනේ රට රැකුනෙ තොපි හින්දා

කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බිපල්ලා
වෙලේ හීය අහවර කර නාපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා

යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා

යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

නොමිලේ දුන් නිසා | Nomile Dun Nisa by Saman Lenin [2020]

නොමිලේ දුන් නිසා මගේ
නිමල ආදරේ
කවුරුවත් ම ගත්තේ නෑ
ඔහෙ තිබුනා පාඩුවේ
ඒ හින්දා වැඩුනා එය
මහ මෙරක් වගේ
දැන් අත උඩ විකිණිය හැකි
මහ ඉඩම වගේ

සිදාදියෙන් ගමට දුවන
මහ සෙනඟ ට මම කියන්නේ
කුරහන් මිළ බෝමැයි
මයෙ පපුවට එබෙන කරන
ඇත්තිට මං දැන් කියන්නේ
පැජරොයියගෙ ගාණයි

ඔන්න ඉතින් අඬන්න ගත්තා අපට තමයි බඩු විකුණන්න ට බැරි
ඔන්න ඔහේ දීලා දානවා මං
මගේ අමිල ආදරේ