පමා වෙලා | Pama Wela by Samitha Mudunkotuwa [2022]

පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී
වලාකුලෙන් බැස ආ සදු මට ද හිමි
හිම වැස්සක ගිනි පුළිගුව නුබද සිතේ
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී

තව්තිසාවෙ මග සලකුනු දැනෙනවද
පර සතු උයනේ සැතපී අපි ඉන්නවද
අමා ගගුලෙ අප කිමිදී සැනසුනිද
සිළුමිණ සෑය බිද අපි පව් ගෙවනවද

රැහැයි නදක හඩ මිහිරත් නොදැනුනිද
සයුරු රලක පෙරලෙන නද අමිහිරිද
ගැහෙන හදට පෙම්සුව රස තහනම් ද
නියම් කලට ආපු වැස්ස අනියම්ද

පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී
වලාකුලෙන් බැස ආ සදු මට ද හිමි
හිම වැස්සක ගිනි පුළිගුව නුබද සිතේ
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී

සිනා පිපෙනා මේ | Sina Pipena Me by Samitha Mudunkotuwa

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

නිබඳ සුවදයි ඔබ නිසා මට
ගම් මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළද සැනසෙමි
තැනෙක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

මිනි මුතු | Mini Muthu by Centigradz ft. Samitha Mudunkotuwa [2021]

මල් තුහීන ගත හිරිවට්ටන
හීන් හුළගේ තුරුලිය පැද්දෙන
සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

වාසනාවන් ආදරේ
මිනිමුතු සේ පවතී නම්
ආදරෙයි මං රහසක් රකිනා සේ
මා රකිනවානම්

වාසනාවන් අපේ ආදරේ
මිනිමුතු සේ මිනිමුතු සේ පවතීනම්

හිතේ උතුරන ආදරේ
උනුසුම් ද කෙතරම්
අපිම අපිටම හිනාවෙන විට
සුන්දර ද කෙතරම්

හිම පොරෝනෙක ගුලිවී තුරුලුව
උමතුවෙන් මෙන් ඔබේ අත ගෙන
හිම පොරෝනෙක ගුලිවී තුරුලුව
උමතුවෙන් මෙන් ඔබේ අත ගෙන

සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

Just give me one good reason why
I shouldn’t love you
Love is so blind they say
Do you get the picture?
Gonna miss you like water in the rain
This is our story ain’t fairytale

හිතේ පතුලක ආදරේ
මිණි මතුව එයි නිතැතින්
මගේ ලග ඔබ දැවටෙනා විට
සුන්දර ද කෙතරම්

වාසනාවන්ත ජීවිතේ
මගේ වත්කම නුඹ වේ
වාසනාවන් ආදරේ
මිනිමුතු සේ පවතී නම්

මගේ මූන දිහා බලන් | Mage Muna Diha Balan by Samitha Mudunkotuwa

මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

කචබිචි නහයක්
කොයින්ද
ඇහුවෝතින් දැන්
මං නපුරුයි

කචබිචි නහයක්
කොයින්ද
ඇහුවෝතින් දැන්
මං නපුරුයි

එකම හාදුවක්
ලැබුනේ ඇත්තමයි
ඇත්තමයි
ඇත්තමයි

මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

බටු ඇටයක් වගෙයි
මැණිකේ මගේ
කීවෝතින් නම්
මං තරහයි

බටු ඇටයක් වගෙයි
මැණිකේ මගේ
කීවෝතින් නම්
මං තරහයි

දාලා යන්න බෑනේ
සත්තමයි
සත්තමයි

මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

පින්න පිපෙන | Pinna Pipena by by Samitha Mudunkotuwa

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා

මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
එදා කී කතා මා හදවතේ ඇත ලියා..

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා

මා දුක නිවා සෙනෙහසින් බැදෙන්නට සදා
මා දුක නිවා සෙනෙහසින් බැදෙන්නට සදා
එදා මා පැතු ඔබේ ආදරේ ගොළු වෙලා..

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටිදෝ ඔයා

සාර සදිසි පෙති | Sara Sadisi Pethi by Samitha Mudunkotuwa [2005]

සාර සදිසි පෙති පේර නෙළාලා

වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙළාලා

වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙළාලා

වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

පාවෙලා කෝඩු ආකාසෙ | Pawela Kodu Akase by Samitha Mudunkotuwa ft. Thilina R [2020]

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලන් වුනා
හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ
එක හිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

දන්සැල් ළඟ පෝලිම් වල | Dansal Laga Polim Wala by Athula Adhikari & Samitha Mudunkotuwa

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

නාවර පෙරෙනා මුහුණින්
කඳුළු මිදුනු ගිජු දෑසින්
දස දහසක් සක්වල වට
අමාවතුර ගලනා දා

පයිප්පයේ දුඹුරු වතුර
බෙලෙක් පිඟානේ පුරවා
මුවින් උරා බොන්නෝ

සෝපාකලා

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

පදික වේදිකා නිවසේ

මව් සෙනෙහස විඳ නැතියෝ
සියල් සතට තුන් ලොවටම
අමා මෑණි බිහි වූදා
පුතේ කියා මවක මුවින්
කිරිවදනක් නෑසූවෝ
අදත් ඉඳිති නාඩා

සෝපාකලා

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ

දන්සැල් ළඟ පෝලිම් වල
සෝපාකලා
සතර අවා
ගිනි නිවෙනා දා
සුදහ ගින්දරේ
බලා ඉඳින්නෝ